IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


මලාලා විවාහ ගිවිස ගනී

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මලාලා යූසොෆ්සායිගේ විවාහ ගිවිස ගැනීම, ඉස්ලාමීය 'නිකා' චාරිත්‍රවලට අනුව, ඉතාමත් චාම් අයුරින්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදී පැවැත්විණි.

තමන් තම ජීවන සහකරු ලෙස පාකිස්තාන ජාතික අසර් මලික් තෝරා ගත් බව, විවිහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප පළ සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් 24 හැවිරිදි මලාලා යූසොෆ්සායි පවසා ඇත.

මලාලා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියකි. වර්තමානයේ ඇය ඇගේ මව පියා සහ සොහොයුරා සමඟ ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේය. මලාලා යූසොෆ්සායි පාකිස්තානුවෙකි. ඇය උපන්නේත් හැදී වැඩුණේත් පාකිස්තානයේ ස්වාත් නිම්නයේය. මලාලා ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තේ 2012 වසරේදීය.

ඒ, බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පාකිස්තාන් තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව හඬ නැගීමේ වරදට,  තලේබාන් තුවක්කුකරුවකු ඇය ගමන් කරමින් සිටි පාසල් බස් රියට ගොඩ වී ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුවය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15 කි.

බරපතළ ලෙස තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගෙන ඒම සිදුවූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ උපදෙස් අනුවය.

මලාලා පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගුවේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඇගේ පියා සමඟ එක් වී බීබීසී උර්දු ගුවන් විදුලි සේවය ඔස්සේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේත් රජයේත් අවධානය මලාලාට හිමිවූයේ එබැවිනි. මලාලා සමඟ ඇගේ පවුලේ සාමාජිකයන් ද ලන්ඩන් නුවරට පැමිණි අතර ඔවුන්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිවිය.

ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු මලාලා එක්සත් ජාතීන්ගේ මානව ක්‍රියාකාරිනියක සහ තානාපතිවරියක ලෙස බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩසටහන් රැසකට සම්බන්ධ වූ අතර, ඇය ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. මලාලා නොබෙල් සාම ත්‍යාලයෙන් පිදුම් ලැබුවේ 2014 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 කි. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මලාලා යූසොෆ්සායි ය.

මලාලාගේ අත ගත්තේ ද පාකිස්තානුවෙකි. ඔහු අසර් මලික් ය. අසර් මලික් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරයි. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර, ක්‍රිකට් සමාජ කීපයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් සභාපතිවරයා ලෙසත් අසර් මලික් කටයුතු කර ඇත.
මලාලා සහ අසර් එකිනෙකා එකිනෙකා හඳුනා ගනිමින් පෙම්වතුන් වූයේ කවදාදැයි මාධ්‍ය වාර්තා කර නැත. ඊට හේතුව ඒ විස්තර කිසිවක් ප්‍රසිද්ධියට පත් වී නොමැති බැවිනි.

කෙසේ නමුත් 2019 ජුනි මාසයේ, බර්මින්හැම් එඩ්ගැස්ටොන් ක්‍රීඩාංගනයේ පැවැති ක්‍රිකට් තරගයක් නැරැඹීමට මලාලා ද ගොස් සිටියාය. එම තරගය පැවැති අවස්ථාවේ, අසර් මලික් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධ කළ සෙල්ෆි ඡායාරූපවල මලාලා ද සිටිනු දැකිය හැකිය.

අසර්, ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි. අසර් අධ්‍යාපනය ලැබුවේ 2008 සිට 2012 තෙක් කාලයේය. තලේබාන්වරුන් මලාලාගේ හිසට වෙඩි තැබුවේ 2012 දීය. වේදිකා නාට්‍ය නිෂ්පාදන ආයතනයක් වන 'ඩ්‍රීම්ලයින්' සමාගමේ සභාපති ධුරය හොබවන්නේ ද අසර් යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (6)

මලාලා විවාහ ගිවිස ගනී

සිරිබිරිස් Wednesday, 10 November 2021 08:38 AM

අසාධාරණයට එරෙහිව හඬ නැගු ඔබ ජ්‍යෙෂ්ඨ කාන්තාවක් . ඔබට සුභ ගමන් .

:       3       28

Rehan Wednesday, 10 November 2021 10:42 AM

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය මගින් පුම්බවපු තවත් එක් චරිතයක් .......ඔවුන්ගේ පිටපතකට අනුව සිදුවෙච්ච සිද්ධි දාමයක් විතරයි...

:       38       22

සිරිබිරිස් Wednesday, 10 November 2021 10:58 AM

රෙහාන් . ඔබ කියන්නේ තලේබාන් ත්‍රස්තවාදය හොඳයි කියල ද?

:       8       25

amara Wednesday, 10 November 2021 01:08 PM

තලේබාන් ත්‍රස්තයින් යනු සාම්ප්‍රදායික බයියන් පිරිසකි...

:       1       19

Nasar Wednesday, 10 November 2021 02:40 PM

ඉස්ලාම් ආගමට අපහාස කරපු මලාලා ට දඬුවම් ලැබේවි

:       22       1

sharm warn Wednesday, 10 November 2021 03:29 PM

අවිවාහක මලාලා සහ විවාහක මලාලා දෙන්නෙක් නොවුණොත් හොඳයි...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 308 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 160 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1827 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site