(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලු එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීරුන් දෙදෙනකු අද (10 ) අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
පසුගිය 03 වැනි දින මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ ගුරු දෙමාපිය විරෝධයට බාධා කොට මැර තර්ජනය සිදු කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්යෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුයේ අදාල උපසභාපතිවරයා සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තා කර ඉදිරි නිතීයමය ක්රීයා මාර්ග ගන්නා බවයි.
එනමුත් ගුරුවරුන් පවසා සිටියේ ඒ සඳහා නිතීය ක්රීයාත්මක නොවුන බවයි. ඊට පසුව ඊයේ 09 මාවනැල්ල කලාපයේ සියලු පාසල් වසා දමා ගුරුවරුන් යලිත් මාවනැල්ල නගරයට පැමිණ උප සභාපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන් දෛනා අත්අඩංගුවට ගන්නා ලෙස දෙවැනි වරත් මාවනැල්ල පොලිසිය වටලා විරෝධතාවයක නිරත වූහ.
ඒ අනුව අද මාවනැල්ල පොලිසිය විසින් උප සභාපතිවරයා ඇතුලු කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුයේ ඔවුන් අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර අරියි දවසක් රටට පේන්න තියාගෙන
සියලු නීති විශාරදයිනි ,දේශපාලුවෝ ටික අනිවාර්යයෙන් දින 14 ක් වත් රිමාන්ඩ් බන්ධනාගාරයට යවන්න .මේ රටේ නීතියක් හා රීතියක් තිබෙන බව පොදු ජනයාට ඔප්පු කරන්න .ඔබ ඔබලාගේ වෘර්තිය කැළලක් නොවන්න වග බලා ගන්න
ගුරුවරුන් පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ගෝෂණ කරන තුරු බලා සිටින්නේ නැතිව, මේ සම්බන්ධව කඩිනම් පියවර ගැනීම පිළිබඳව මාවනැල්ල පොලිසියටත් අයි.ගී.පී උතුමානන්ටත් පොලිසිය භාර ඇමැතිතුමාටත් මාගේ ප්‍රණාමය
වැඩක් නැහැ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
ඇප දීලා ගෙදරත් ගිහිල්ලා ඉවරයි...
පොදුද, එජාප ද, සමගි ජන ද, දියව් දියව්ද අදාළ නැත. ඇත්තෙන්ම දෙන්න තිබුනේ "රූපකාය වෙනස් වෙන්නම". මිනිස්සු ඒ අවස්ථාව පැහැර හැරලා ...අපරාදේ...
කොමිස් කාක්කෙක් කියලා එළිපිට පෙනි පෙනී විදුහල්පතිතුමියට කිව්වා.... එතුමිය පගාවට ළමයි ඇතුළත් කරගන්නවා කියලා... මේ මනුස්සයාව සිරගත කළ යුතුමයි..