
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත මේ වසර අවසන්වන විට සකස්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.
මෙම කෙටුම්පත සකස් කිරීමේ කටයුතු දැනට අවසන් අදියරේ පවතින බවද හෙතෙම සඳහන් කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දුවක් ලබා දුන් බවත් ජනතාව ලබාදුන් ඒ ජනවරමට අනුව රජය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරගෙන යන බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය .
පැරණි ව්‍යවස්ථාවේ අඩුපාඩු හඳුනාගෙන නව ව්‍යවස්ථාව සකස් කරන බව පැවසූ අගමැතිවරයා නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ එකඟත්වය අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවත් සඳහන් කළේය.
අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්, අබ්දුල් සලාම්,මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න,මහාචාර්ය ජී.එච් පිරිස්, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා , ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එස් සර්වේස්වරන් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.
විවිධ පාර්ශ්ව අදහස් සැලකිල්ලට ගෙන අධ්‍යයන කර නව ව්‍යවස්ථාව සකස් කරන බවත් රටට ආවේණික සංකල්පමය නීතිමය රාමුවක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පත්කර ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ එම කාර්ය සාධක බලකාය පත්කළේ ජනාධිපතිවරයාට ඇති බලතල අනුව බවයි.
එමගින් ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ අධිකරණ ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
21 ක වෙන්න ඇති. අනේ උඹලාගේ ව්‍යවස්ථාව උඹලාට කරගෙන ඇති. මහජනයාට හබක් .අපි නොදන්නා රාජපක්ෂලා
මේ නව සංශෝදනයේ අපේ විමල් වීරවංසලාගේ බලාපොරුත්තු ඉටු වේවිද? ඔවුන් කැමතිම නැහැ ඇමරිකානු ජාතිකයෝ මෙහෙ දේශපාලන කරන එක. ජනාධිපතිට විස්ස නැතුව අසරණයි කියමින් ඔවුන් විස්සට සහයෝග දුන්නේ.
මේ විද්වතුන් සහ නීති විශාරදයන් විසින් සකස් කල මේ කෙටුම්පත, අවසානයේ අර හාමුදුරුවන්ට යොමුකරන්න අධ්‍යනය කරන්න.
මතක් කරලා ද්විත්ව පුරවැසියන්ට රටේ ජීවත්වෙන්න පුළුවන් විදියට හදන්න.
හැම ආණ්ඩුවටම අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවා. වෙන රටවල කලාතුරකින් කරන දෙයක්... අපි තමයි හොඳටම කරන්නේ.
පළාත් සභා අහෝසි නොකරන ව්‍යවස්ථාවකින් රටටම වැඩක් නැහැ. පළාත් සභා අනවශ්‍ය බව යහපාලනය කාලයේ සිට පළාත් සභා අක්‍රීයවීම අනුව පැහැදිලිය. පළාත් සභා ජාතික ධනය විනාශයේ මුලයි...
චීනට රට නිල වශයෙන් ඕකේ ලියලා ඇති
රාජාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව...?
කලබල වෙන්න එපා අපිට හදිස්සියක් නැහැ... ජෙප්පන්ගේ හදිස්සිය, අපේ හදිස්සිය නොවෙයි.