(අංජුල මහික වීරරත්න)
ජීවන බරින් පීඩාවට පත්ව සිටින විශ්‍රාමිකයාගේ වැටුපෙන් රුපියල් 700 ක් කපා ගැනීමට රජය ගත් තීන්දුව අහස පොළෙව නුහුලන අපරාධයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විශ්‍රාමිකයාගේ කැමැත්තෙන් තොරව විශ්‍රම වැටුපෙන් මුදලක් කපා ගත නොහැකියි ද ඔහු කැමතිය කියා පූර්ව නිගමනයක සිට කටයුතු කිරීමට රජයට අයතියක් නැතැයි ද කී විජයවර්ධන මහතා මෙය විශ්‍රාමිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද කීවේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද ( 10 ) පැවැති වෘත්තීයවේදීන්ගේ හමුවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමිකයින් ගැන බැලූවිට මුලින්ම රජයේ සේවකයින් ලබන වැටුප් පරිමාණයට අනුව විශ්‍රාම වැටුප් ගැලපීමක් කලේ 2002 වසර වනවිට පැවති එජාප රජයයි. ඉන්පසු දෙවරක්ම කළේත් එම පක්ෂය සම්බන්ධ රජයන් විසිනි... වෙනත් අය කලේ රුපියල් පනහ, සීය එකතු කිරීමයි. ඔබතුමා ප්‍රකාශ නිකුත් කරන්නේ කැපීම අස්කර ගැනීමට පසුය. ඔහොම කටයුතු පමාවීම පරිහානියට හේතුවෙන්න පුළුවන්...
දැන් කපාගන්න යෝජනා කරලා තියෙන්නේ මාසෙකට රුපියල් 400ක් හෝ 600ක් විශ්‍රාමික අය කැමැති නම්...ඔහුට ඒ වෙනුවෙන් අග්‍රහාර රක්ෂණයෙන් මසකට රුපියල් 4000ක් පමණ රෝහල් බිල් පහසුකම් ලැබෙනවා... නමුත් පසුගිය රජය කාලේ කළේ මුළු විශ්‍රාම වැටුපම නැති කළ එක... ඒ වෙලාවේදී මොකද කළේ..? ඇයි එයාට විරුද්ධ නොවුණේ..?
මේ තවත් එක්කෙනෙක්... කොහෙද යන්නේ කියලා ඇහුවාම මල්ලෙ පොල් කියනවා. පින් කැටේටත් විද්දානේ. ඇපත් නැතිව ගෙදර යවපු මෙයාලා දැන් මරු කියවනවා.
එතකොට ඔය වයසට හැදෙන ලෙඩවලට ඉස්පිරිතාලවලට ගියාම ගෙවන මුදල්, අනිකුත් ලෙඩවලට ගෙවන මුදල් ගැන මොනවද උන්නැහේ කියන්නේ...?
ඒක නිසාද මේ වහින්නේ...?