(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය පරණගම විලපොල ප‍්‍රදේශයේ පියකු සහ පුතකු දියේ ගසාගෙන ගොස් ඇති අතර පියාගේ සිරුර හමු වූ බවත් පුතාගේ සිරුර අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් අතුරුදහන් දරුවා  උපකාරක පන්තියක සහභාගී වී තම පියාත් සමග නිවෙසබලා  එමින් සිටියදී පරණගම් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

තම පුතු හා ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණි බවට බිරිඳ  පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කුලියාපිටිය පොලිසිය කළ සොයා බැලීමකට අනුව අද අලුයම පියාගේ සිරුරු පාවෙමින් තිබියදී සොයාගෙන තිබිණ.

ඔරු පාරු භාවිතයෙන් ප‍්‍රදේශවාසීහු දරුවාගේ සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණත් ප සැඩ පහරට ගසාගෙන යන්නට ඇතැයි සැකකරයි.

වයස අවුරුදු 11ක පමණ පුතකු මෙසේ අතුරුදහන්ව ඇත.  

කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවිංග පෙරේරා, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහත්වරුන්ගේ උපදෙස් මත මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සුදේෂ් අමරසේන උප පොලිස් පරීක්‍ෂක සරත්, රාජපක්‍ෂ යන මහත්වරුන් මේ  පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.