(නිමන්ති රණසිංහ)

අතුරුදන් වූ බව කියූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් තිදෙනා යළි සිය නිවසට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඊයෙ (10) රාත්‍රී දහයට පමණ කෙසෙල්වත්ත පොලිසිය මෙම දැරියන් තිදෙනා සොයා ගනු ලැබුවේ කෙසෙල් වත්ත ප්‍රදේශයේම වෙනත් නිවසක සිටියදී බව වාර්තා වේ.

මෙම දැරියන් දෙදෙනා පෙරේදා 8 පෙරවරුවේ සිට අතුරුදන් වූ බව දැරියන් දෙදෙනකු ගේ මව විසින් කෙසෙල් වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදු කරනු ලැබ තිබුණේ ඊයේ (10)පෙරවරුවේය.