(යොහාන් භාසුර)

එංගලන්ත තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරුණු බවට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ විශේෂ ක්‍රීඩකයන් ලෙස ඇතුළත්ව සිටිති.

හිටපු උප නායකයකු වන කුසල් මෙන්ඩිස් ‘දේශීය ඩයමන්’ ක්‍රීඩකයා ලෙස ද, ධනුෂ්ක ගුණතිලක, ‘දේශීය රන්’ ක්‍රීඩකයා ලෙස ද, ගාල්ල පිලට ද, නිරෝෂන් දික්වැල්ල දඹුල්ල පිලේ ‘දේශීය රන්’ ක්‍රීඩකයා ලෙස ද, ඇතුළත්ව සිටිති.