පාර්ලිමේන්තුවට හෙට ප්‍රශ්න වැලක් විවිධ හේතු මත ඇසීමට නොහැකිවූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40කට පිළිතුරු දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (4) දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 03 October 2021
ඉන්දියාව සහ ලංකාව එක්ව යුද අභ්‍යාසයක අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී හෙට (03) ආරම්භ වන බව යුද හමුදාව පවසයි. 03 October 2021
පුස්සවල රක්ෂිතයටත් කැලෑ පාළුවෝ පනිති කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ ‘‘පුස්සවල දොළ‘‘ රක්ෂිත ප්‍රදේශයේ තිබූ විශාල ගස් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කර කපා දමා ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි. 03 October 2021
බස් දුවවන්න සේවකයන් නෑ බස් රථ සේවකයන් වෙනත් රැකියාවල නිරත වීම හේතුවෙන් බස්රථ සේවකයන්ගේ උග්‍ර හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 03 October 2021
තොරතුරු කොමිසමේ පුරප්පාඩු පිරවීමට නාමයෝජනා කැඳවයි ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුවී ඇති සහ ඉදිරියේදී පුරප්පාඩුවීමට නියමිතව ඇති තනතුරු පිරවීම සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 03 October 2021
ජනතාව’’ තිතට’’ ආරක්ෂා වුණොත් ජනවාරියේ රට වැඩ බිමක් කළ හැකියි සෞඛ්‍ය උපදෙස් තිතටම පිළිපදිමින් ජනතාව උපරිමයෙන් ප්‍රවේශම් සහගත වුවහොත් කොරෝනා පරදා ලබන ජනවාරිය වන විට රට නැවත වැඩ බිමක් කිරීමට හැකියාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 03 October 2021
එන්නත් දෙක නැතිනම් මඟුලට එන්නත් බෑ කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලූ සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කළේය. 03 October 2021
‘‘කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා‘‘ කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමේ යෝජනාවට ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ යැයි විශ්වාස කරන ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා අද (2) පස්වරුවේ පැවසීය. 03 October 2021
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි හෙට සිට නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අත්හිටුවා තිබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් හෙට(04) සිට යළි ආරම්භ කරන බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පැවසීය. 03 October 2021
‘‘හිතුමතේ ආර්ථිකය හැසිරවීම ජනතාවට පෝලිම් වල ලඟින්න වුණා‘‘ මාස තුනක කාලයක් ගතවී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසදුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවගේ හිස මතට පතිත කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 03 October 2021
පළාත් කීපයක අදත් වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 October 2021
‘‘රටේ ජනතාව වෙනුවෙන් ගැසට් 10ක් වුණත් ගහනවා‘‘ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක්. ඒ සඳහා ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත් වෙනස් කර හරි ජනතාව වෙනුවෙන් මැදිහත්වන බව පොදුජන පෙරමුනේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මීරිගමදී පැවසීය. 03 October 2021
ඉන්දීය විදේශ ලේකම් මෙරටට පැමිණෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණියේය . 02 October 2021
ජපන් යුද නැව් 3 ක් එකවර කොළඹ වරායට ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් බහුකාර්ය ඩිස්ට්‍රෝයර් යුද නෞකා තුනක් අද (2) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ විය. 02 October 2021
කොරෝනා මරණ 55ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 October 2021
කොරෝනා පෙත්ත සාර්ථක වන ලකුණු ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ’මොල්නුපියවියර්’ නමැති බෙහෙත් පෙත්ත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 October 2021
නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ! දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු මැතිවරණ නීති පතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවැසූහ. 02 October 2021
රැඳවියන් බලන්න 4 වැනි දා සිට යළි අවසර වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබු බන්ධනාගාර රැදවියන් හට අමුත්තන් පෙන්වීම කටයුතු ලබන සදුදා (4) සිට නැවත ආරම්භය කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. 02 October 2021
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලංගම ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය. 02 October 2021
අය වැය ලේඛනය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. 02 October 2021
වෙළෙඳ ඇමැති බන්දුල දැඩි තීරණයක පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ . 02 October 2021
ලබන 16න් පසු කොවිඩ් නීති තවත් ලිහිල් වෙයි කොවිඩ් පාලනයට හඳුන්වාදී ඇති විවිධ නීති හා සීමාවන් ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 02 October 2021
යුගදනවි බලාගාරය පැවරීම ගැන කතාකරන්න ආණ්ඩුවේ හවුල් පක්ෂ යළි රැස්වෙති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයෝ 05 රැස්වෙති . 02 October 2021
පුනර්ජනනීය බලාගාරවලට ආයේජකයන්ගෙන් යෝජනා කැඳවයි මහා පාරිමාණ පුණර්ජනනීය බලාගාර බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැඳවන බව සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 02 October 2021
කොවිඩ් එන්නත ගත් නොගත් අය ගැන විශේෂ සමීක්ෂණයක් රටපුරා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇත. 02 October 2021
එන්නත නොගත් අය ඉක්මනටම කැඳවාගෙන එන්න කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය නිවෙස්වල සිටීනම් හැකි ඉක්මනින්ම ඒ අය ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 02 October 2021
යොහානිගේ අලුත් ගීත ඇල්බමයක් ලගඳීම ළඟදීම තමා නිකුත් කරන නව ගීත ඇල්බමයත් සමග ,රසිකයින් තම සංගීතය හා නිරතුරුවම රැදී සිටිනු බවට විශ්වාස යැයි සිය ප්‍රථම සංගීත ප්‍රසංගය සදහා ඉන්දියාවට ගොස් සිටින , ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ මෙරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඉන්දියාවේදී පැවසුවාය. 02 October 2021
ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරාය නොවැම්බර් ජනතා අයිතියට ශ්‍රී ලංකාවේ විශාලතම ධීවරය වරාය ලෙස ඉදිවෙමින් පවතින වෙන්නප්පුව, වෙල්ලමංකර ධීවර වරාය ලබන නොවැම්බර් මස ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍යංශය පවසයි. 02 October 2021
විදේශ ගතව සිට ආ සැමියාගේ පහරින් බිරිය මරුට මුදල් ආරවුලක් දුරදිග ගොස් සිය බිරිය පහරදී ඝාතනය කළ සැමියකු කලවංචිකුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 02 October 2021
පළාත් කිහිපයකට අදත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (2) ත් වළාකුලින් බරව පවතින අතර ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 October 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026