
(නිමන්ති රණසිංහ)
කොළඹ 12 පදිංචි බාල වයස්කාර දැරියන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ඔවුන්ගේ පියා ඊයෙ (08) පැමිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
රීවිල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ ත් නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා මේ වනතෙක් නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඥාති සහෝදරියක වන අතර ඔවුන් තිදෙනා වයස අවුරුදු 13 - 15ත් වයස් වල පසුවන බව වාර්තා වේ .
මෙම දරුවන් තිදෙනා ඊයේ (08) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේ ගැවසී ඇති බවට ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් පැහැදිලි වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හොයලා නිකන් කාලය කරන්න ඕනේ නැහැ
ලංකාවේ 1951 හදපු මුස්ලිම් විවාහ නීතියට අනුව මේ වයසේ දැරියන් විවාහ කර ගැනීම සහ ලිංගිකව හැසිරෙන්න මුස්ලිම් පිරිමින්ට පුලුවන්. වෙනත් ජාතියක එකෙක් එහෙම කරොත් ස්ත්‍රී දූශණයක් ලෙස සැලකෙනවා. මානව හිමිකම් බලු වූ මෙවන් නීති නැති කර දැන්වත් එක නීතියක් හැමෝටම ගේන්න ඕනේ. අනිත් ජාතීන් ඒ වෙනුවෙන් දේශපාලන කන්නාඩි අමතක කර එකතු වෙයල්ලා. සේරටම කලින් මෙහෙම නීති තියෙන බව ඉගෙන ගනිල්ලා.
අනේ සියලු දෙවි පිහිටෙන් මේ දැරියන් ආරක්ශා වේවා!
ප්‍රථමයෙන් දෙමව්පියන්ට සෞඛ්‍ය නීති අනුව අධිකරණමය කටයුතු කරන්න.. දෙවනුව ළමා ආරක්ෂණ නීතිය අනුව කටයුතු කරන්න.