
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුතුරාජවෙල අවට ග්‍රාමසේවක වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම පිළිබඳව තමා බලවත් අප්‍රසාදය පළ කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය.
නාගරික සංවර්ධන අධිකාරිය කළේ වැඩකට නැති වැඩක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය කිසිදු සොයා බැලීමක් නැතුව කළ මෙම කටයුත්ත නිසා එම ප්‍රදේශවල විශාල පිරිසක් අද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද සඳහන් කළාය.
මහජන නියෝජිතයන් සමඟ කතා නොකර, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් නොකර මෙවැනි තීන්දු තීරණ ගැනීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඇය කීවාය.
ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින ජනතාව මේ ප්‍රශ්නය නිසා ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි තත්වයට අද ඇද වැටී ඇතැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරිය ජනතාව මේ ගැන අද තමා ඇතුළු මහජන නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කරන්නේ යැයිද කීවාය.
අප බලයට පත්වූයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට බවද ඇය පැවසුවාය.
මෙය මිනිස්සුන්ට අයිති භූමියක් බවත් අද මේ ජනතාවට රජයේ අවසරයක් නැතුව ඒ ඉඩම්වල කිසිම කටයුත්තක් කිරීමට නොහැකිවී ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු චන්දෙ දුන්නේ මේවාට කනස්සලු වෙන්නද එතකොට ?මෙයාලට මාර උත්තර තමයි තියෙන්නේ බලාගෙන ගියාම
සර් එක්ක ඕවා බැහැ දැන් එක රටක් එක නීතියක්.
විරෝධය වාචිකව ප්‍රකාශ නොකර අඩුම තරමින් ඇමති තනතුර හෝ අත් හැරියොත් චුට්ටක් වත් දැනේවි මේ ප්‍රශ්න විසඳිය හැක්කේ එහෙමයි
කණස්සලු වුණාට කමක් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පුටුව නම් අතාරින්න එපා. එහෙම වුණොත් අපරාදෙ නිකන්ම ලැබෙන වරප්‍රසාද ටික නැති වෙනවා. ඉස්සරවෙලා වරප්‍රසාද ටික රැකගන්න. පසුව පුළුවන් මුතුරාජවෙල ගැන හිතන්න. අතරින් පතර බයියන් චූන් කරන්න මොකක් හරි කියන්න...