(රංජන් කස්තුරි)

සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද දහවල් රෝහල් කීපයක් ඉදිරිපිට උද්ඝෝෂණවල නිතර වූහ.

කොළඹ ජාතික රෝහල, අංගොඩ අයි.ඩී.එච්. රෝහල, කෑගල්ල මහ රෝහල අම්මාර මහ රෝහල සහ අක්කරපත්තුව මූලික රෝහල් ඉදිරිපිට දී එම උද්ඝෝෂණ පැවැත්විණි.

රෝවල්වල සේවය කරන කනිෂ්ඨ  කාර්ය මණ්ඩලයට අයත් සේවක සේවිකාවෝ එම උද්ඝෝෂණළුලට එක්ව සිටියහ. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)