
(යොහාන් භාසුර)
මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත මෝය ප්‍රදේශයේදී අද (9) පෙරවරුවේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය.
ශ්‍රි ලංකා නාවික හමුදාව හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් එම පිරිස අතර වෑන් රථයේ රියදුරු සහ සහයක ඇතුළු පිරිමි පුද්ගලයන් 16 ක්, කාන්තාවක්, පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙක් සිටින බවත් නාවික හමුදාව පවසයි.
එම පුද්ගලයන් කිලිනොච්චිය, යාපනය, වත්තල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් නාවික හමුදාව මේ පිළිබඳව වැඩි දුර විමර්ශණ කරන බවත් නාවික හමුදාව කියයි. .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න හිතෙන රටක් දාලා මොකට යනවද මන්දා. මේ මිනිස්සු වැටිච්ච තැනක් .මට හරිම දුකයි මේ මිනිස්සු ගැන. පාලකයන්ට හරි සතුටු ඇති මහා අපරාධකාරයෝ ටිකක් ඇල්ලුවා කියලා
මේ අය නිදහස සොයා යන අය මිසක් අපරාධකරුවන් නොවෙයි. පාලකයො රට දියුනු කලා නම් මෙහෙම හොරෙන් රට යන්න වෙන්නෙ නෑ
මේ අහිංසක මිනිස්සු අපරාධකරුවන් ගානට දානවද නැතිනම් රට කාපු මංකොල්ල කරුවන්ට නිදැල්ලේ කයිවාරු ගහන්න දෙනවද?