
(ඩයනා උදයංගනී)
ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇතිවෙමින් පවතින බැවින් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේත් අද (9) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
මෙම අඩුපීඩන කලාපය ඉදිරි පැය 12 ක කාලයේදී වර්ධනය විය හැකි බවත්, එය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් ගමන් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
එය හේතුවෙන් විටින් දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල ඉතා රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd