
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චීන පොහොර නැව සම්බන්ධ ප්‍රශ්නය නිසා රුපියල් කෝටි 200ක මුදලක් චීන සමාගමට ගෙවන්න සිදුවී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වැටුපවත් ගෙවා ගන්නට නොහැකිව ගුරුවරුන් මහ පාරට වැටී සිටින්නේ ආණ්ඩුවේ මෙම ඔලමොට්ටල තීන්දු නිසා බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.
"ආණ්ඩුවේ වැරදි පත් ප්‍රතිපත්ති නිසා රටේම ගුරුවරු මහ පාරේ.එමෙන්ම ජනතාවද මහ පාරේ.පොහොර වලට ගෙවන මුදල් ගැන වගකිව යුත්තේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට නොදන්වා කිසිදු ගෙවීමක් කරන්න බැහැ.කැබිනට් පත්‍රිකාව මුළුමනින්ම උල්ලංඝනය කර මහජන බැංකුවේ පෞද්ගලික ගිණුමකට මුදල් යවා තිබෙනවා.මේ පිළිබඳ රහස් පොලිස් වාර්තාව පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්නැයි මා අභියෝග කරනවා.මෙය ආන්දෝලනයක් වූ විට ඒ පෞද්ගලික ගිණුම වසා දමා තිබෙනවා.එහි තිබූ මුදල් මහජන බැංකුවේ පොදු ගිණුමට බැර කර තිබෙනවා.ආණ්ඩුව කටයුතු කරන්නේ මූල්‍ය ක්‍රමවේදයන් අමු අමුවේ උල්ලංඝනය කරමිනුයි"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා... නවතිනු, නවතිනු...!!! ඕවා ඇවිල්ලා මොල 7 වැඩ...? මෙතෙක් කල් වැඩ කළේ පශ්චාත් ප්‍රදේශයේ තිබෙන මොලෙන්... ඉදිරියට හොඳ හොඳ වැඩ පෙන්නනවා...
ඔබතුමා කොච්චර කිව්වත් හොරු සමග හෙළුවෙන් වර්ණනා කරමින් ඉන්න ජනතාවක් තාමත් රටේ ඉන්නවා. හොරකමට වඩා වෙන මොනාද මේ වෙන්නෙ. මේවා තනියම කරන්න බැහැනෙ. රට දැනටමත් වලපල්ලට යන්නෙ.