
(විනීතා එම් ගමගේ )
වෙළඳ පොලේ භූමිතෙල් ඉල්ලූම දෙගුණ වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
මේ දිනවල භූමිතෙල් ලීටර් 550 ක් පමණ දිනකට අලෙවි වන බවත් ගෑස් මිල නිසා ආහාර පිසිීමට භූමිතෙල් යොදා ගැනීම විශාල ලෙස වැඩිවි ඇතැයි ද කී අමාත්‍යවරයා ඞීසල් හා භූමිතෙල් අතර මිලෙහි ඇති පරතරය නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ද කීය.
මේ වනවිට කම්හල්වල යන්ත‍්‍රසූත‍්‍ර උදුන් බෝට්ටු පමණක් නොව බස්රථ පවා භූමිතෙල් මඟින් ධාවනය කරන තැනට පත්ව ඇතැයි ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලශක්ති අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම ගෑස් හා භූමිතෙල් අතර ඇති අධික මිල පරතරය නිසා ආහාර පිසීම සඳහා ගෑස් උදුන් වෙනුවට භූමිතෙල් උදුන් භාවිතා කිරීමට ජනතාව පෙළඹීම තවත් හේතුවක් යැයි ද ගම්මන්පිල මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොඩවන එක විතරද කරන්නේ, ඉල්ලුමට සැපයුම කෝ?
මෙයාට මේක දැනිල තියෙන්නේ දැන්. අපිනම් ඕක දැනගෙන හුගක් කල්.
ආසියාවේ ආශ්චර්ය .පුදුම ආඩම්බරයක් දැනෙන්නේ අප්පා .කැලනියේ පන්සලේ හාමුදුරුවන්ට විශාල ශබ්ධයක් ඇහිලා ආපු පණිවිඩේ මතක් උනා .වාසනාවේ දෝරේ ගලනවා. අපි කිරිබත් කමු
මමත් භූමිතෙල් ලිපක් ගන්න හිතන් හිටියෙ. දැන් ඒක හරියන්නෙ නෑ. මෙයා භූමිතෙල් මිලට පහර දෙන්න යන්නෙ.
ආසියාවේ ආශ්චර්ය කියලා කියන්නේ මේකටද.?
භූමිතෙල් පරිභෝජනය වැඩිවෙයි කිව්වට මිනිස්සු ඒවා ගත්තෙ බොන්න නොවෙයි. ගෑස් මිල ඉහළ ගියාම කුසගින්න නිවාගැනීමට කුමක් හෝ දෙයක් තම්බාගන්න ලිප දල්වන්න ගත්තෙ .දැන් තමුන්නැහැලා කියන්නෙ උයාගෙන නොකා අමුවෙන් කන්න කියලද?
භූමිතෙල් 150/= කරමු.
භූමිතෙල් 150/= කරමු. ඔක්කොම ගොඩ.