(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහලවවැව ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් ලිස්සා ගොස් වෙළකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් දසදෙනකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව කදුරුවෙල සිට කුරුණෑගල දක්වා මගී ප්‍රවාහනයේ කරමින් සිටී පෞද්ගලික බස් රථයක් බව පොලීසිය කියයි.

බසය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් කිහිපදෙනෙකු කියා සිටියේ බස් රථය ඒ තරම් වේගයකින් නොපැමිණි බවත් එක වැරම මාර්ගය ලිස්සා යෑමෙන් බස් රථය වෙලට පෙරලෙන වත් සමග මගින් එකිනෙකා එක උඩ වැටුණු බවය.