පළාත් හතකට තද වැසි බස්නාහිර, මධ්‍යම, ඌව, උතුරුමැද, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලට අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 April 2021
දුම්රියේ හැපී පෙම්වතිය මරුට:පෙම්වතා රෝහලට ජාඇළ උතුරු කුඩහකපොළ දුම්රිය හරස් පාර හරහා තරුණ පෙම්යුවළක් ගමන් ගත් යතුරු පැදියක් දුම්රියක ගැටී තරුණිය මියගොස් තරුණාය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 24 April 2021
අවදානම පැත්තක දමා ගම්පහ වොලිබෝල් තරගයක් කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පවත්වා ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි. 24 April 2021
කැස්බෑවෙන් කොරෝනා ආසාදිතයන් 65ක් අද හඳුනා ගැනෙති කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බළ ප්‍රදේශයෙන් ආසාදිතයන් හැට පස්දෙනකු අද (24) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය . 24 April 2021
මැතිසබේ වලිය සොයන කමිටුව බදාදා රැස්වෙයි පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටතදී ඉකුත් 21 වැනි දා ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායකවරයා පත් කළ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන බදාදා පස්වරු 2.00ට පළමුවරට රැස්වීමට නියමිතය . 24 April 2021
‘‘මෙරට පැතිරෙන කොරෝනා වයිරසය බ්‍රිතාන්‍යයේ විකෘති වයිරසයට සමානයි‘‘ ශ්‍රී ලංකාවේ දැනට පැතිර ඇති කොරෝනා වෛරසය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර ඇති විශේෂ විකෘති වෛරස ප්‍රභේදයට සමාන කම් ඇතැයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන බව ඖෂධ සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි . 24 April 2021
‘‘දිස්ත්‍රික්ක තුනක් දැඩි අවදානම්‘‘ කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 24 April 2021
ඌව වෙල්ලස්සේ උපාධී ප්රදානෝත්සවය දින නියමයක් නැතිව කල් යයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 10වන වාර්ෂික උපාධී ප්රදානෝත්සවය දින නියමයක් නොමැතිව කල්දැමූබව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 24 April 2021
‘‘ඉදිරි සති තුන තීරණාත්මකයි‘‘ කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සති තුන තීරණාත්මක බව කොවිඩ් පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 24 April 2021
ත්‍රි‘මලේ රෝහලේ හෙදියන් පහකට කොරෝනා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් පස් දෙනකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය. 24 April 2021
බදියුදීන් අත්අඩංගුවට ගත් හේතුව සරත් වීරසේකර කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් සහ යම්කිසි දායකත්වයක් ලැබී ඇති බවට විමර්ශන කටයුතු මගින් අනාවරණය වීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. 24 April 2021
තවත් කොවිඩ් මරණ 4 ක් කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනකුගේ මරණ අද (24) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 638 ක් දක්වා ඉහළ ගියේය. 24 April 2021
උප්පුවේලි පොලිසියේ රථවාහන ලොක්කාට කොරෝනා ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 ආසාදනය විමත් සමග එම අංශයේ එක් පොලිස් නිලධාරියකු හැර සෙසු නිලධාරින් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය බලධාරින් පවසයි. 24 April 2021
කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 April 2021
නිරෝධායන කාලය නැවත දින 14ක් වෙයි විදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධානය කාලය නැවතත් දින 14 ක් දක්වා දීර්ඝ කරන්නේ යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 24 April 2021
සැප්තැම්බර් වන විට මෙරට මුළු ජනගහණයෙන් සියයට 40කට එන්නත් මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට මුළු ජනගහණයෙන් සියයට 40ක ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් කළ හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ, සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 24 April 2021
මොරටුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ශිෂ්‍යයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායමේ ක්‍රීඩකයන් තිස් දෙනෙකු නිරෝධානයට යොමුකල බව සෞඛ්‍ය අංශ පවසයි. 24 April 2021
නිකවැරටියේ එකම පවුලේ හතකට කොරෝනා නිකවැරටිය ප්‍රදේශයේ එකම පවුලේ හත් දෙනකු ඇතුලු 11 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 24 April 2021
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ රියාඩ් අත්අඩංගුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 April 2021
දිවුලපිටියෙන් ගිහින් කතරගමට කොරෝනා බෙදලා තිස්සමහාරාම, කතරගම මාර්ගය දෙපසින් නිවාසවලින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 25 දෙනකු හඳුනාගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පවසයි. 23 April 2021
පිළියන්දලින් කොරෝනා රෝගීන් 87ක් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් අසූ හත් දෙනකු අද (23) දා වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි. 23 April 2021
විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති වසා තැබේ පාසල් සහ පෙර පාසල් විවෘතව තැබිය හැකි අතර විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහතිමිය කීවාය. 23 April 2021
දුම්රියත් ගනේවත්ත මඟහරියි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේවත්ත දුම්රිය ස්ථානයෙහි හෙට (24) සිය නැවත දැනුම් දෙන තුරු කිසිඳු දුම්රියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 23 April 2021
‘‘නව කොරෝනා ප්‍රභේදය වාතයෙන් බෝවිය හැකියි‘‘ ශ්‍රී ලංකාව තුළ පැතිර යන නව ‘කොවිඞ් 19’ ප්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය. 23 April 2021
‘‘මංගල සාදයට උපරිමය එකසියපනහයි‘‘ මංගල උත්සවවලට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150ක් විය යුතු යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවැසුවාය. 23 April 2021
ඇතුළේ අර්බුද නම් තරඟ බෑ භ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. 23 April 2021
උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. 23 April 2021
නැගෙනහිරත් අනතුරු අඟවයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇති හෙයින් හැකිතාක් එම දිස්ත්‍රික්කය තුළ සංචරණය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිට පළාත් ආණඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය. 23 April 2021
පළාත් රැසකට අද රාත්‍රියේ අකුණු සමග තද වැසි දිවයිනේ පළාත් කිහිපයක අද (23) රාත්රියේදී තද වැසි සහ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 April 2021
රන්ජන් වෙනුවෙන් ගීතා ඉදිරිපත් වෙයි රන්ජන් රාමනායක කලාකරුවාට සමාව දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය(පොපෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 23 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026