ඉකුත් දෙමාසයේ කරාපිටියේ සුව සේවකයන් 195කට කොරෝනා හැදිලා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බැව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. 30 September 2021
මෝටර් රථ දෙපාර්තමේන්තු සේවා සඳුදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අත්හිටුවා තිබූ සෙසු සේවාවන් ද ලබන සඳුදා (4 වැනිදා) සිට ආරම්භ කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 30 September 2021
එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට මට්ටක්කුලිය කඳවුරේ ලුතිතන් කර්නල් අත්අඩංගුවට තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 September 2021
මාධ්‍යවේදීන් සී.අයි.ඩී. ගෙන්වීම මාධ්‍ය සංවිධාන එකමුතුව දැඩිසේ හෙළා දකී පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ’’ එහි හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළි සුදු ලූනු වංචාව ඇතුළු වංචා පිළිබඳව වාර්තා කළ ලංකාදීප, දිවයින හා ද අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකමුතුව පවසයි. 29 September 2021
සුදු ලූණු වික්කේ ලක් සතොස ලොක්කෝ දැනුවත්වද? විවාදයට තුඩු දුන් සුදු ලූනු තොග අළෙවිය සම්බන්ධයෙන් ලක් සතොස ඉහළ කළමනාකාරිත්වය දැන සිටි බව අභ්‍යන්තර ලේඛන අනුව ‘ලංකාදීප’යට වාර්තා වේ. 29 September 2021
එල්.පී.එල්. නරඹන්න අවස්ථාව දීමේ සූදානමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් දෙවැනි වරටත් ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) තරග නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවදානය යොමු වී තිබේ. 29 September 2021
“හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නෑ’’ සාධනීය විවේචන සාදරයෙන් භාර ගත්තත් හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නැතැයි සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 29 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 256ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 256 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 September 2021
යාපනයේ තරුණයන් 5ක් ආයුධ සමඟ අත්තනගල්ලේදී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් බව සැක කරන යාපපනයේ තරුණයන් පස්දෙනෙකු අත්තනගල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් තුළදී තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාෂය කියයි. 29 September 2021
සහරාන්ගේ ජංගම දුරකථනයේ කොටස් රට යැව්වේ කවුද? පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ ජංගම දුරකථනයේ මව් පුවරුව විදෙස් රටක ඔත්තු සේවාවකට රැගෙන යාමට අණ දුන් පුද්ගලයින් කවුදැයි හෙළිකර ගතහොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කර ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 29 September 2021
රට ඇරියත් දින 14ක් දුම්රිය ධාවනය නොවේ ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 29 September 2021
දියකාවා සාර්ථකව නිමා වෙයි යුධ, ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන “දියකාවා“ යුධ අභ්‍යාසය 11වන වරටත් අද (29) ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි වෙරළ තීරයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් අදියර පැවැත්වුණි. 29 September 2021
යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත. 29 September 2021
මහාචාර්ය මොහාන් මුණසිංහට බ්ලූ ප්ලැනට් සම්මානය දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෝලීය පරිසර සංරක්ෂණය උදෙසා දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර බ්ලූ ප්ලැනට් සම්මානය (2021) දිනාගෙන ඇත. 29 September 2021
’’ජනවාරි තෙක් ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නැහැ’’ ලබන වසරේ ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු නොවන බවත් එතෙක් අඛන්ඩව තෙල් සැපයීමට සහිතක කර ඇති බවත් බලශක්ති ඇමැති නිතීඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 29 September 2021
දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 29 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 685ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 September 2021
කොවිඩ් මරණ 61ක් කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 September 2021
ඉන්දියාවට ගිය යොහානිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් හරසර ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකරගත් ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා ප්‍රසංගයක් සඳහා අද (29) ඉන්දියාව බලා පිටත්ව ගියාය. 29 September 2021
කොවිඩ් උපකරණවලට අදාළ ලිපිගොනු විනාශ වී නැහැ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු කරන ලද කොවිඩ් ආශ්රිත වෛද්‍ය උපකරණ සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලවලට අදාලව සියළු ලිපි ගොනු ආයතනයේ සුරක්ෂිතව පවතින බව එහි සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා පැවැසීය. 29 September 2021
සජබෙට නව සංවිධායකයන් 31ක් සමගි ජන බලවේගය සදහා නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 31 දෙනෙකු අද(29) පත් කරනු ලැබීය. 29 September 2021
60ට වැඩි අයට බූස්ටර් එන්නත දීමට අනුමැතිය සයිනොපාම් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් වයස 60 ට වැඩි පුද්ගලයන් සඳහා තෙවැනි එන්නතක් ලෙස (බූස්ටර්) ෆයිසර් ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 29 September 2021
මුං ගොවියාට හොඳ කලක් අතරමැදියන් ගේ පාලනයෙන් තොරව පළමු වතාවට මුන් ඇට මිලදී ගැනීම තිස්සමහාරාම වීරවිල සතොස ගබඩා සංකීර්ණයෙන් දී අද (29) සිට ආරම්භ කළේය. 29 September 2021
60ට වැඩි අයට ලෙබනනයේ රැකියා දොරටු යළි විවරවෙයි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සඳහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 29 September 2021
වයස 30ට අඩු 150ක් කොවිඩ් වැළඳී මරුට කොවිඩ් ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු 150 දෙනෙක් මියගොස් ඇති බවත් ඒ අතරින් 96 දෙනකු වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය. 29 September 2021
පළාත් අතර දුම්රිය ධාවනයට සූදානම් නිරෝධායන ඇඳිනීතිය ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් පනවන මාර්ගෝපදේශ යටතේ පළාත් සංචරණ සීමා පැවතුණ ද අත්‍යවශ්‍ය සේවකයින් සඳහා දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයින් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 September 2021
නිදහස අනවශ්‍ය ලෙස භුක්ති වින්දොත් තත්වය යළිත් දරුණුවෙයි ජනතාව අනිද්දා (1) සිට ලැබෙන නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විඳීමට ගියහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය. 29 September 2021
වරාය නගරයේ නව අවස්ථා ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස්-විදේශ ඇමති සාකච්ඡාවක ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර ද්විපාර්ශවික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමූවූ බව විදේශ කටයුතු අමාතයාංශය කියා සිටී. 29 September 2021
තරුණ බලාපොරොත්තු බිඳ දැමීම රටේ අනාගතයට සුබ නෑ රට සුඛිත මුදිත කරනවා කියා පැමිණි ආණ්ඩුව රටට බයානක විහිලු සපයන තත්ත්වයට ඇද වැටීම නිසා ජනතාවට දේශපාලන ක්රමයම තිත්ත වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 29 September 2021
ලංකා ගුරු සේවා සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 54 දෙනකු ශිෂ්‍යත්ව සඳහා බ්‍රිතාන්‍යයට යැවීමේ වැඩපිළිවෙළ පිටුපස බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුවී ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (29) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 29 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026