
(යොහාන් භාසුර)
අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව - මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
කොළඹ කොටුවෙන් මහනුවර බලා පෙරවරු 7.00, පස්වරු 3.35, 4.35 සහ 5.10 ට පිටත්වන දුම්රිය සහ මහනුවරින් පෙරවරු 4.30, 6.15 සහ 6.30 ට සහ පස්වරු 3.00 ට පිටත්ව දුම්රිය මෙසේ අවලංගු කර තිබේ.
දුම්රිය මාර්ගයට නායයෑම, පස්කඳු සහ ගල් පෙරළීම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානි වී ඇති බව පැවසූ කසුන් චාමර මහතා පවතින අයහපත් කාලගුණික තත්වයන් මධ්‍යයේ වුවද දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීමට සේවක කණ්ඩායම් යුහුසුලුව කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd