(අංජුල මහික වීරරත්න)
ඉඩම් හානිය සහ වනාන්තර විනාශය 2030 වසර වන විට නැවැත්වීමට සහ ආපසු හැරවීමට පොරොන්දු වන වනාන්තර හා ඉඩම් පරිහරණය පිළිබද ග්ලාස්ගෝ නායකයින්ගේ ප්‍රකාශය පිිගන්නා බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටත් එම යෝජනා ප්‍රයෝජනවත් වන බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂය මෙසේද සඳහන් කරයි.
දේශගුණික විපර්යාස ගෝලීය ගැටලුවක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට හා සංවර්ධනයට තර්ජනයක් වේ. 2030 වන විට මීතේන් විමෝචන මට්ටම 30% කින් සිමා කිරීම අරමුණු කරගත් 'ගෝලීය මීතේන් ප්‍රතිඥාව 'සහ 2030 වන විට ඉඩම් හානිය සහ වනාන්තර විනාශය නැවැත්වීමට සහ ආපසු හැරවීමට පොරොන්දු වන වනාන්තර හා ඉඩම් පරිහරණය පිළිබද ග්ලාස්ගෝ නායකයින්ගේ ප්‍රකාශය අපද පිළිගමු. ශ්‍රී ලංකාවටත් ලෝකයටත් එය ප්‍රයෝජනවත් වේ.
පැරිස් දේශගුණික ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බව සහතික කළ එජාපය දේශගුණික විපර්යාසවලට එරෙහි සටනේදී සෙසු ලෝකය සමග සහයෝගයෙන් සිටීමට රජය ගත් තීරණය පිළිගනිමු යනුවෙන් ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ඉන්නකන් එ. ජා. පෙ. ට හරි යයි කියල හිතන්න අමාරුයි . තවත් දිය වෙලා යනවා .
බැරි චින්තනේ වැඩ !
හුරේ අපි "උගතානෝට සහ ජෙප්පන්ට" කලින් නිවේදන නිකුත් කිරීමෙන් පළවෙනිය උනා.ඒනිසා අපිට ජනතාවගෙන් හෝ ගාල ලකුණු වැටෙනවා..........හු...හු....කෝ මේ පුතානෝයි ජෙප්පොයි.....
2030 වෙනකොට රකින්න වනාන්තරයක් ඉතුරු වෙලා තියෙයි කියලා හොඳටම විශ්වාසද ?අඩු ගානේ 2030 වෙද්දී රනිල් ලොක්කා පන පිටින් හිටියොත් ලොකු දෙයක් .දැනටමත් පක්ෂයක් නැති වෙලා ඉවරයි