
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීමෙන් පසු කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ පිරිසක් සිය වාර්තාව ලැබෙන තුරු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල මහ පාරේ වැස්සෙන් බේරීමට පුටුවලින් හිස ආවරණයක් සේ තබාගෙන සිටියහ.
පරීක්ෂණය අවසන් වූ විගස තම වාර්තාව ලබා දුන්නේ නම් මෙවැනි පීඩාවකට පත්වීමට සිදු නොවුණ ඇති බව පවසූ කොරෝනා ආසාදිත වූවෝ අදාළ වෛද්‍යවරයා ගේ වාර්තාව ලැබෙන තුරු පැය තුන හතරක් මෙසේ රැඳී සිටීමට සිදුවීම කනගාටුවට කරුණක් බව සඳහන් කළහ.
මෙය සම්බන්ධව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ඒ මේ සම්බන්ධයෙන් තමන්ට ද දැනගන්නට ලැබුණු බවත් මින් ඉදිරියට එවැනි පීඩාවකට ලක්වීමට ඉඩ නොතැබීමට අවශ්‍ය පියවර ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1997 පළාත් සභා ආරම්භ කරන තෙක් සේවා ලාභීන්ට සැලකීමක් තිබුනත් ඉන් පසුව එම තත්ත්වය 75% කින් පමණ අඩුවිය.ඉන් පසුව එලදායිතාවය කියන S 5 සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඉතිරීයත් අවසන් විය.ඒ සමග ලේඛනාරක්ෂක නීති අනුව ආයතනයක් ආරම්භ කල දිනසිට පවත්වා ගත යුතු ආයතනයේ විස්තර ගොණු පවා විනාශ කර ඇත
අනේ අපරාදේ පුටු තෙමෙනවා....