ඇමැති කමිටුව මන්ත්‍රී වලියේ දර්ශන නරඹයි මැති සබයේ දී සහ ඉන් පිටත පරිශ්‍රයේදී ඉකුත්දා (21 ) වැනිදා ඇති වූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රී කමිටුව එම සිදුවීම්වල සීසීටීවී කැමරා දර්ශන අද (28) නිරීක්ෂණය කළේය. 28 April 2021
මහජන බැංකුවේ ශාඛා 17ක්:ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් වසයි පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් ද අද (28) දිනයේ වසා තිබුණි. 28 April 2021
එජාප පළාත් පාලන නියෝජිතයෝ 38 දෙනාගේ ඉරණම මැයි 21 විසැඳේ ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනකු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට කළ නියෝගය ලබන මැයි 21 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද ( 28) තීන්දු කළේය. 28 April 2021
‘‘ඇවන්ට් ගාඞ්’’ තීන්දුව මැයි 21 ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා මත ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මැයි 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial At Bar) අද (28) තීරණය කළේය. 28 April 2021
කිඹුල් නඩුව ජූලි හත ජනාධිපතිවරණය ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ලබන ජුලි 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය. 28 April 2021
වෙසක් මාසයේ රතන සූත්‍රය සඡ්ජායනා කරන්න ‘කොවිඞ් 19’ වසංගත තත්වය පාලනය වී ලෝකවාසීන්ට සැනසිල්ල උදාවේවා යන ප්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලංකාවේ සියලූම වෙහෙර විහාරවල ලබන සෙනසුරාදා සිට ‘‘රතන සූත්‍රය’‘ දේශනා කරන්නැයි ලෙස ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ උත්තරීතර බෞද්ධ උපදේශක සභාව ඉල්ලා සිටියි. 28 April 2021
කොරෝනා දැයි බලන්න පටල 4000ක් ජ‘පුරට කොරෝනා පරීක්ෂණ සඳහා මුළු දිවයිනෙන්ම ජෛව පටල සාම්පල හාර දහසක් පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට අද දින ලැබී තිබුණු බව එහි ප්‍රකාශකයෙක් පවසයි. 28 April 2021
බීමතින් රියපැදවූ හික්කඩුව ප්‍රා.සභා විපක්ෂ නායක දඩ කයි රියදුරු බලපත්‍රයක් ළඟ තබා නොගෙන බීමතින් රිය පැදවීමේ චෝදනාවන්ට වරද පිළිගත් හික්කඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් චන්දනට රුපියල් 27500ක දඩයක් ගෙවන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංස සමරදිවාකර මහතා අද නියම කළේය. 28 April 2021
සියලු සරසවි 10 විවෘත කරන බව ඇමති කියයි සියලු විශ්ව විද්‍යාල මැයි මස 10 වැනි දින විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෑවසීය. 28 April 2021
බන්ධනාගාර නිලධාරීන්ට දෙවන මාත්‍රාව හෙට බන්ධනාගාර නිලධාරීන් සඳහා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම හෙට (29) සිට ආරම්භවන බව බන්ධනාගාර කොමසාරිස් ( පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 28 April 2021
වැල්ලම්පිටියේ පෞද්ගලික බැංකුවක් වසයි සේවකයකුට කොරෝනා ආසාදනය වීම නිසා වැල්ලම්පිටියේ පුද්ගලික බැංකුවක් අද සිට වසා දමා ඇත. 28 April 2021
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 28 April 2021
විභාගයට ආ කැලණි සරසවි සිසුහු පහකට කොරෝනා කැලණිය විශ්ව විද්‍යාලයේ විභාගය සඳහා කැඳවා සිටි සිසුන්ගෙන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග ගියයි. 28 April 2021
කඵතර සිරගෙට විසි කළ පාර්සල් දෙකේ කුඩු කළුතර බන්ධනාගාරයේ බී අංශයට පිටතින් විසිකරන ලද පාර්සල දෙකක තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 158ක්,ජංගම දුරකතන 08ක් ඇතුලු තහනම් ද්‍රව්‍ය රාශියක් තිබී බන්ධනාගාර නිලධාරීන් අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 28 April 2021
ඇල්ලේ මනාල යුවළක් ඇතුළු හයකට කොරෝනා ඇල්ල ,කිතල්ඇල්ල හෝටලයක දී ඉකුත් 25 වැනි දා විවාහ ගිවිසගත් නව යුවළකට සහ එම විවාහ මංගල උත්සවයට එක්වූ තවත් හතර දෙනකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වූ බව ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 28 April 2021
ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (28) දින සිය බැංකු ශාඛා 23 ක් වසා තබන බව ලංකා බැංකුව පවසයි. 28 April 2021
‘‘මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය වයිරසයයි‘‘ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 28 April 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා නසන්න මුහුණු පොත එයි එන්නත් කරණය ගැන ජනතාවට දැනුවත් කිරීමට අවශ්‍ය සහය දීම හා කොවිඩ්-19 මර්ධනය කිරීමේදී එන්නත්කරණ ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ෆේස්බුක් ආයතනය සහයෝගීතාවයකට එළැඹ ඇත. 28 April 2021
අරණායක රාජ්‍ය බැංකුවක් වහයි අරණායක දිප්පිටිය නගරයේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව අද වසා දැමීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. එහි සේවකයකුට කොරෝනා අසාදිත වීමෙන් මෙම පියවර ගෙන තිබේ. 28 April 2021
එන්නත් දෙවන මාත්‍රාව ලබා දෙයි කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව සෞඛ්‍ය අංශ වල නිලධාරීන්ට ලබා දීම අද පෙරවරුවේ ආරම්භ විය 28 April 2021
වෘත්තීය පුහුණු ආයතනයේ බඳවා ගැනීම් කල් යයි සමාජ සේවා අමාත්‍යාංශයට අයත් සියලු වෘත්තීය පුහුණු ආයතන සඳහා නව අභ්‍යාසලාභීන් බඳවා ගැනීම අද (28) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල්දමා ඇත. 28 April 2021
උසස් පෙළ ප්‍රතිඵල සතියක් ඇතුළත අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දින හතක් ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 28 April 2021
නුවන් සොයිසාට වසර හයකට ක්‍රිකට් තහනම් ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර හයක ක්‍රීඩා තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. 28 April 2021
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් දෙහිවලදී අත් අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දත සුදා නමැත්තා දෙහිවල පන්සල පාරේ නිවසක සැඟව සිටියදී හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි 28 April 2021
නිරෝධායන නීති කැඩු කෝවිල් සභාපති-ලේකම් අල්ලයි යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවත්වීම චෝදනා මත එම කෝවිලේ පාලක සභා සභාපති සහ ලේකම් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 28 April 2021
තවත් ගම් හයක් හුදකලා කරයි රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් අද 28 උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 28 April 2021
රජයේ මුද්‍රණාලයත් වහයි රජයේ මුද්‍රණාලයේ අංශ ප්‍රධානියකු ඇතුළු සේවකයන් සිව්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි පොත් මුද්‍රණ නිමැවුම් අංශය අද සිට වසා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. 28 April 2021
ඉන්දියාවේ ඇසෑම්හි භූ කම්පනයක් ඉන්දියාවේ ඇසෑම් හි රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඉන්දියාවේ ජාතික භූ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 28 April 2021
දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය වැඩි වෙලා දියවන්නා ඔයේ අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීමට හේතුව ජලයේ පෝෂණ කාරක මූලද්‍රව්‍ය වන නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාම බව විශේෂඥයින් පෙන්වා දෙති. 28 April 2021
රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි ගලවයි කොවිඩ් නව වයිරසය පැතිර යාමේ අවදානම හමුවේ රාත්‍රී දුම්රියේ තැපැල් මැදිරි (ජංගම තැපැල් කාර්යාල) නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පවසයි. 28 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026