
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සහ නීති නොවන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 600 දෙනකුගේ හිඟයක් පැවතීම නිසා අපරාධ නඩු සඳහා උපදෙස් ලබාදීම ප්‍රමාදවීමට ප්‍රධාන හේතුවක්වී ඇතැයි නීතිපතිවරයා දැනුම්දී ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අධි නීතිඥවරුන් 50 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
නඩු ප්‍රමාදය නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බව තමා පිළිගන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නඩු ප්‍රමාදවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ විෂය පථයට පරිබාහිර හේතු ගණනාවක් බලපා ඇතැයි පැවසූ අලි සබ්රි මහතා ප්‍රමාණවත් අධිකරණ සංඛ්‍යාවක් නොතිබීම නඩු ප්‍රමාදවීමට බලපෑ ප්‍රධාන හේතු සාධකයක් බවද සඳහන් කළේය.
මෙයට අමතරව සීමිත අධිකරණ වෛද්‍ය නිලධාරීන් ප්‍රමාණයක් සිටීම, එම නිලධාරීන් ස්ථාන මාරුවීම් ලැබීම, සීමිත රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රමාණයක් සිටීම, දිනකට එක නිලධාරියකුට අධිකරණ කිහිපයකට පෙනී සිටීමට සිදුවීම, විත්තිකරුවන් අසනීප වීම යනාදි හේතු ගණනාවක්ද නඩු ප්‍රමාද වීමට බලපා ඇති බවත් එදිනෙදා නඩු එදිනෙදා විභාගයට ගත යුතු බව චක්‍රලේඛ මඟින් නියෝග කර ඇතත් එය ඒ ආකාරයට ක්‍රියාත්මක නොවන බවත් අධිකරණ ඇමැතිවරයා පැවැසීය.
අධිකරණ නඩු ප්‍රමාදය වැළක්වීමට අධිකරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ ලබා ගැනීම වැදගත් බව නීතිපතිවරයා සඳහන් කර ඇතැයිද ඔහු පැවසුවේය.
දිනෙන් දින වැඩිවන අපරාධ නඩුවලට සාපේක්ෂව නීති නිලධාරීන්ගෙන් වැඩිවීමක් සිදුවී නැතැයි නීතිපතිවරයා දැනුම් දී ඇති බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා අපරාධ නඩුවලට උපදෙස් දීම හැරුණු කොට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට වෙනත් රාජකාරී කටයුතුවල යෙදීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 600 කාත්තන්කුඩි පැත්තෙන් ගෙනල්ල පුරවමු
අපරාධකරුවන් නිදොස්කොට නිදහස් කරන්න නම් මොනවට නීති උපදෙස්? නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හිඟයක් පවතී මේ යුගයේත් අපරාධකරුවන් නිදොස්කොට නිදහස් කරනවා. ඉතින් තවත් මොන මගුලට තවත් නිලධාරීන් සහ අධිකරණවල් . මෙයාගේ යුගයේ තමයි වැඩියෙන්ම නඩුවලින් නිදොස්කොට නිදහස් වුනේ. තවත් ඉදිරියට වෙනවාමයි. ලැජ්ජයි. ජනාධිපතිගේ තේරීම නම් හරියට හරි.
ආ ඔයා තවම ඉන්නවද ?අපි හිතුවේ ගෙදර ගිහින් හේනක් කුඹුරක් කොටාගෙන ඉන්නවා ඇති කියලා
පව් නොදී යන්නකෝ. දකිනකොටත් යක්ෂයා ඔලුවට එනවා.
නීතීඥ මහත්තවරුන්ට ලක්ෂ ගණන් ගෙවලා නඩු කියන විත්ති පාර්ශව කරුවන් සහ පැමිණිලි කරුවන්ගෙන් අයකරන අධිකරණ ගාස්තු වැඩි කරන්න .එතකොට නිලධාරීන් බඳවා ගත හැකයි
බමුණා දැන් සැපද ?අනේ පව්
ඔන්න මුලනම් පටන් ගත්තා.. දැන් ඉතින් පුරප්පාඩු පුරවන්න කියලා කුලපති පත්කළා වගේ කොහේහරි ඉන්න හාල්පාරුවන් ටිකක් ඇතුළත් කරයි. ඒ අය ඊට පස්සේ කරන්නේ මුළු ස්ථානයේම වැඩකරන අයත් ඇතුළුව අවුලට පත්කරන එකයි.. උඩ ඉඳන් පහළට අවුල් කළාම මුළු රටේම නීතිය අවුල්... ඊට පස්සේ ඇත්තො කති... බොති.. නැත්තෝ ලෙවකති. නියමෙටම සාධාරණය හා යුක්තිය රජකරයි...
කොහොමත් ඕවාට කල්ගත වෙනවා...
නීති උපදෙස් දෙන පිරිසට රැකියා සුරක්ෂිත බව ඇතිවීමට මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතෙනවා..