(බුද්ධික කුමාරසිරි )
බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුලු පස් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාමගින් අද ( 11) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් එහිදී නියම කෙරිණි.
කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකල බවට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පිරිස දින 102 ක් බන්ධනාගාරගත කර සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd