කොවිඩ් ආසාදිතයන් තවත් 194 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 194 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 October 2021
‘‘නැණස පාදන්න දරුවන් ගැන හිතන්න‘‘ දරු පරපුරේ අනාගගය ගැන හිතලා වසර දෙකකට ආසන්න කාලයක් අන්ධකාරයේ සිටි අපේ දරුපරපුර ආලෝකය කරා ගෙන යන්නට ගුරුවරුන්ගේ සහයෝගය ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය. 06 October 2021
යොහානි ගැන පුවත් බීබීසී වෙබ් අඩවියේ මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව වසඟ ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ ද පළ වී තිබේ. 06 October 2021
ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අවසර ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 06 October 2021
සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන සහතික වෙනවා රජයේ බාරයේ සිටින සියලු සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන තමා සහතික වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 October 2021
කොරෝනා ආසාදිතයන් 582ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 582 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 October 2021
කොරෝනා මාරයට අදත් 43ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 43 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 October 2021
සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතනවල ඉගැන්වීම් කටයුතු මෙම මස 21 වැනිදා සිට නැවැත ආරම්භ කෙරෙන බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 06 October 2021
ජනපතිගෙන් විපක්ෂ නායකට ඇරයුමක් රජය ආරම්භ කර ඇති කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කර ඇත . 06 October 2021
පක්ෂ රැසක් අභයාරාමයට ගුරු - විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා ගුරු - විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුවේ සංවිධානයෙන් නාරාහේන්පිට අභයාරාමයේදී අද (6) පස්වරුවේ පැවැති සර්ව පාක්ෂික සමුළුවට ආණ්ඩුවේ සහ විපක්ෂයේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ. 06 October 2021
විසර්ජන පනත් කෙටුම්පත හෙට මැති සබයට ලබන වසර (2022) සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (7) ඉදිරිපත් කිරීමට නියමිතය. 06 October 2021
ඛනිජ තෙල් සම්පත් පනත සම්මත වේ ඛනිජ තෙල් කැණීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙන ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 06 October 2021
සුදු ලූනු වංචාවේ කෝටිපති ව්‍යාපාරිකයා අල්ලයි ලංකා සතොස ආයතනයේ සිදුව ඇති බව කියන සුදුළූණු වංචාවට අදාළ එම සුදුලූනු තොගය මිලදී ගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 06 October 2021
අනිල් ජාසිංහට ආසියා කලාපයේ සභාපතිධූරයක් එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරය සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්විය. 06 October 2021
‘‘පැනඩෝරාවට‘‘ නම ගිය හැටි අහන්න නඩේෂන් අල්ලස් කොමිසමට හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැනඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනිද්දා (08) කැඳවා ඇත. 06 October 2021
මැතිසබේ මහජන ගැලරිය විවෘත කරන්නැයි ඉල්ලයි පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කරන්නැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 06 October 2021
‘‘එක් සමාගමක ගෑස් මිල වැඩි කිරීමෙන් අනෙක් සමාගමට අසාධාරණයක්‘‘ එක් සමාගමකට පමණක් ගෑස් මිල වැඩිකර අලෙවි කිරීමට ඉඩ දීමෙන් අනෙක් සමාගම කඩාවැටීමකට ලක්විය හැකි යැයි ‘‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුවේ“ සභාපති ටෙරන්ස් අප්පුහාමි මහතා පවසයි. 06 October 2021
සැපයීම සීමාවීමෙන් ලාෆ් පාරිභෝගිකයෝ කබලෙන් ලිපට මිල පිළිබඳ ගැටලුවක් නිසා ලාෆ්ස් සමාගම සැපයුම් සීමා කිරීම නිසා පාරිභෝගිකයන් බරපතළ පීඩාවකට පත්ව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 October 2021
සෞඛ්‍ය පුරුදු ගැන කියූ ඉන්ධන හල් සේවකයා උස්සා පොළොවේ ගහයි මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයකු දැන්වීමත් සමග උරණ වූ යතුරුපැදිකරු පිරවුම්හලේ සේවකයාට තර්ජනය කර පසුව තවත් පුද්ගලයකු සමග පැමිණ පහරදී පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 06 October 2021
නඩුව පැරදුණැයි සන්නාලියා නීතිඥයාට මුත්‍රා ගහලා මතුගම අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවක් පරාද වූවැයි උරණ වී තමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට මුත්‍රා පාර්සලයකින් පහරදුන බව කියන පැමිණිලිකාර ඇඳුම් මසන්නකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 October 2021
නිපුණයන් වෙනුවෙන් සෞදි අරාබියෙන් වැඩි ඉඩක් ඉල්ලයි නිපුණතා සහ වෘත්තීයමය කාණ්ඩයන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් සඳහා සෞදි අරාබියේ වැඩි අවස්ථාවන් ලබා දෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 06 October 2021
“ගෑස් ආයතන ඒකාබද්ධ කළේ නැහැ’’ ලිට්ට්‍රෝ සමාගමේ ලාෆ්ස් සමාගමේ හා මහා භාණ්ඩාගාරයේ හිමිකාරිත්වය යටතේ නව සමාගමක් පිහිටුවන ලද නමුත් ගෑස් කර්මාන්තයේ නියුතු ආයතන මෙමගින් ඒකාබද්ධ කිරීමක් නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 October 2021
රසායනික පොහොර තහනම් කළාට සජබ උසාවි යයි රසායනික පොහොර භාවිතය හා ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඉකුත් අප්‍රෙල් 27 වැනිදා ගත් තීරණයෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බැවින් , එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 06 October 2021
සතොසට ලක්ෂ 170වක ඉතිරියක් වරාය අධිකාරිය බාරයේ තිබූ සීනි කන්ටේනර් 81 ක් ලංකා සතොසට ලබාදීමේදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට (17,000,000) අධික ප්‍රමාද ගාස්තුව කපාහැරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය. 06 October 2021
බෑණාට වෙඩි වැඳුණාට මාමා අත්අඩංගුවට පන්නල - හුණුවිල දාරඵව ප්‍රදේශයේදී අද දහවල් 12.30 ට පමණ පවුල් ආරඅවුලක් අතුරතුර සිදු වූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලත් කල බව පන්නල පොලීසිය කියයි. 06 October 2021
‘පැන්ඩෝරා’ හෙළි කිරීම රාජපක්ෂ රජයට අදාල නෑ ‘පැන්ඩෝරා’ හෙළි කිරීමට අදාල ලේඛණ 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් සම්බන්ධ ඒවා නිසා රාජපක්ෂ රජයට කිසිසේත් අදාල නොවන බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණය 06 October 2021
‘‘ශ්‍රී ලංකාවට ඉදිරි අභියෝග ජයගත හැකියි‘‘ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකාවට ඉදිරි අභියෝග ජය ගත හැකි බව පැහැදිලි යැයි ආසියානු සංවර්ධන බැංකුවේ අධ්යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (6) පැවැසීය. 06 October 2021
තිරුකුමාර් නඩේෂන්ගෙන් ජනපතිට ලිපියක් පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම සඳහන් වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ස්වාධීන විමර්ශන නිලධාරියකු පත්කරන ලෙස හිටපු ඇමැතිවරියකවන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි. 06 October 2021
ගමේ සාමය රකින තැන් තවත් 97ක් මේ වසර ඇතුළත පමණක් අලුතින් පොලිසි 97ක් විවෘත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 October 2021
කොන්සියුලර් සේවාවට ඔන්ලයින් හරහා වේලාවක් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කොළඹ 01, සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ සේවා සැපයීම් යළි ආරම්භ කළද අදාළ සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ වේලාවක් වෙන් කරවා ගෙන පැමිණිය යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 06 October 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026