කරාපිටියේ 36 වාට්ටුවේ 35කට කොරෝනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 01 May 2021
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු වහයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. 01 May 2021
පිට පිට තෙවන දිනටත් මෙරට ආසාදියෝ 1500 පසුකරති කොවීඩ් -19 ආසාදිතයන් තවත් 396ක් වාර්තා වෙයි. අද වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන ඒ අනුව 1699 දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 01 May 2021
“ඔන්ලයින්’’ වුණු මැයි දිනය ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී ජනතා පක්ෂය මෙවර මැයි දිනය අන්තර්ජාලය ඔස්සේ අද (1) සැමරීම විශේෂත්වයකි. 01 May 2021
ඇමෙරිකානුවන්ට ඉන්දියාවෙන් යන්න කියයි ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි සංචාරක උපදේශනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ. 01 May 2021
එක් වරක දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවෙයි කොවිඩ් ආසාදිතයින් තවත් 1,304ක් අද (1) වාර්තා විය. දිනක එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ. 01 May 2021
කාලගුණෙන් අනතුරු ඇගවීමක් දිවයිනේ පළාත් කිහිපයක අද (1) රාත්රියේදී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 May 2021
සියලුම පාසල්, විශ්ව විද්‍යාල, නැවත දැනුම් දෙන තුරු වසා තැබේ පාසැල්, උපකාරක පංති, දහම් පාසැල්, පෙර පාසැල් සහ විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 01 May 2021
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂ 4 පසු කළේය. ඒ අනුව, එක් රටකින් එක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. 01 May 2021
රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ මැයි දින සැමරුමක් අතරතුර මිට වසර 28 කට පෙර ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ ගුණසමරුව අද 01 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ ඉදිකර ඇති රණසිංහ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට පැවැත්විණි. 01 May 2021
‘‘පාර්ලිමේන්තුවට කොරෝනා අවදානමක් නෑ‘‘ පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයන් කිසිවකු මෙතෙක් හමු වී නැතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද පැවසීය . 01 May 2021
පාසල් මැයි හත දක්වා වසා තැබේ දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 01 May 2021
සතොස සහන මල්ල නැවත හෙට සිට සතොස සහන මල්ල දෙවැනි අදියර හෙට (2) සිට ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි . 01 May 2021
සාද,රැස්වීම් සහ ප්‍රිය සම්භාෂණ තහනම් කරයි විවාහ උත්සවය හැර හෝටල් තුල පවත්වනු ලබන සියලුම සාද, රැස්වීම් හා ප්‍රිය සම්භාෂණ සහ රාත්‍රී සමාජ ශාලා කටයුතු අද(30)රාත්‍රී 10 න් පසු සති 2ක කාලයක් තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 01 May 2021
තව ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කරයි පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 8 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 01 May 2021
සිංගප්පූරුවට ඇතුළු වීම රටවල් කීපයකට තහංචි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත. 01 May 2021
වැස්ස වැඩි වෙයි බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 May 2021
විෂ පොල්තෙල් තව තොගයක් ආපසු හරවා යවයි පෞද්ගලික සමාගමක් ආනයනය කළ ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් යැයි තත්ව පරීක්ෂාවෙන් තහවුරු වූ තවත් පොල්තෙල් මෙටි්රක්ටොන් 230 ක් මැලේසියාවට නැවත හරවා යැවීමට කොළඹ වරායට රැගෙන ආවේය. 01 May 2021
‘‘හදිසි අවස්ථාවකට ගන්න ඔක්සිජන් රට තුළ තිබෙනවා‘‘ ශ්‍රී ලංකාවේ දැන් පවතින ‘කොවිඩ් 19’ වයිරස අවදානම මුහුණදීමට අවශ්‍ය අමතර ඔක්සිජන් සිලින්ඩර් 500 ක් සැපයුම්කරුවන් සතුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 May 2021
සතොසත් ගණන් උස්සන්න යයි සතොස අළෙවි කරන ආහාර ද්‍රව්‍යවල මිල ඉදිරි සතිය වන විට ඉහළ යා හැකි යැයි සතොස සභාපති ආනන්ද පීරිස් මහතා පවසයි. 01 May 2021
බටුහේනෙන් ආසාදිතයෝ 24 හඳුනා ගැනෙති පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බටුහේන ගම්මානය අද(30) කොවිඩ් 19 ආසාදිතයින් 24 දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 30 April 2021
දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 714 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත. 30 April 2021
වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ අවදානමක් වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. 30 April 2021
ග්‍රාම නිලධාරී වසම් තව 16ක් හුදකලා කරයි තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 30 April 2021
ආසාදිතයෝ 922 හඳුනා ගැනෙති කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 922 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත. 30 April 2021
කොළඹත් පාළුවට යයි කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් රටපුර ඉහළ යද්දී බොහෝ නගර පාළුවට ගොස් තිබුණි. 30 April 2021
කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවේ බස්නාහිර පළාතට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ රාජගිරිය බද්දේගම වත්ත ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ජිවත්වන ජනතාව මහත් අසීරුතාවයට පත්ව ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 30 April 2021
හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ගෙන්වීමට යයි ඉදිරියේ දී ඇතිවිය හැකි ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 30 April 2021
කෝප් හා කෝපා කමිටු රැස්වීම්ද අත්හිටුවයි කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබූ කෝප් හා කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම්ද අත්හිටවූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි . 30 April 2021
ජනාධිපති කාර්යාලයේ මහජන සේවා අඛණ්ඩව උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද ඉන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය පවසයි. 30 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026