කෝප් හා කෝපා කමිටු රැස්වීම්ද අත්හිටුවයි කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබූ කෝප් හා කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම්ද අත්හිටවූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි . 30 April 2021
ජනාධිපති කාර්යාලයේ මහජන සේවා අඛණ්ඩව උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද ඉන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය පවසයි. 30 April 2021
ගලෙන්බිඳුණුවැව ඇගළුම් කම්හලක් වහයි ගලෙන්බිඳුණුවැව ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 11 දෙනකුට කොරේනා වයිරසය ආසාදනය වීම නිසා එම කම්හල දින 14ක් වසා තැබීමට උපදෙස් දුන් බව ගලෙන්බිඳුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සරසි දිල්හාර මහත්මිය පවසයි. 30 April 2021
‘‘පොහොර ගැන ගොවීන් බිය විය යුතු නෑ‘‘ රසායනික පොහොර භාවිතයේ සිට කාබනික පොහොර භාවිතයට මාරුවීමේදී ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 30 April 2021
පොලිස් රාජකාරියට බාධා කළ තරුණයාට ඇප මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් විශේෂ රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹට එමින් සිටියදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කළැයි බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය මහත්මිය අද 30 නියෝග කළාය. 30 April 2021
කොතලාවල දැඩිසත්කාර ඒකක ශක්තිමත් කරයි අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වේරහැර පිහිටි ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කාර සේවා පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 30 April 2021
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් චෝදනාවක් රට භයානක තත්ත්වයකට ඇදෙමින් පවතින බැවින් රට සම්පූර්ණ අගුළු දැමීමක් හෝ සංචාරක සීමාවන් පැනවීමක් කරන්නැයි තම සංගමය කරන ඉල්ලීම කෙරෙහි බලධාරින් තවමත් අවධානය යොමු කර නැතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි. 30 April 2021
‘‘ කාත්තන්කුඩි පිපිරීම් අත්හදා බැලීමට පුපුරණ ද්‍රව්‍ය සැපයූ අය හඳුනා ගත්තා‘‘ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාසික් රාසා නමැත්තා මොහොමඞ් සහරාන් ගේ සහෝදරයා වන මොහොමඞ් රිල්වාන් ට කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීම් අත්හදා බැලීමට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බව ට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය . 30 April 2021
සෙනිකා වෙනුවට වෙනත් ආදේශයක් සොයයි එන්නත් වර්ග මිශ්‍ර කර ලබා ලබාදීමේ හැකියාව ගැන සොයා බලා ගෙන යන බව සෞඛ්‍ය අංශ ප්රධානිහු පවසති. 30 April 2021
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ නිකුත්වේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30) නිකුත් කළ බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. 30 April 2021
දේශීය වෙළඳපොලේ සැමන් හිඟයක් - ඇමති බන්දුල කියයි ආනයනික සැමන්වල ආසනික් සංයුතිය වැඩිවීම හේතුවෙන් නැවත හරවා යැවීම නිසා සතොස වෙළෙදසැල්වල සැමන් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය. 30 April 2021
නවීන ඩ්‍රෝනා යානාවක් සමග අයෙක් අත්අඩංගුවට තරමක් විශාලත්වයකින් යුත් විශාල වර්ගයේ ඩ්‍රෝනා කැමරාවක් සමග එක් අයකු මැදිරිගිරිය නව නගරය ඇළ හන්දිය ප්‍රදේශය ප්‍රදේශයෙන් සොයාගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 30 April 2021
‘‘කුරුණෑගල මෝටර් රථ දෙපාර්තමේන්තුවත් කොරෝනා නීති කඩයි‘‘ සෞඛ්යාරක්ෂිත උපදෙස් කඩවන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේදී පවත්වමින් තිබූ රථවාහන ලිඛිත පරීක්ෂණයක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මැදිහත් වීමෙන් අත්හිටවනු ලැබීය. 30 April 2021
‘‘සඳුදායින් පසු මංගල උත්සව බෑ‘‘ රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් අනිද්දායින් (3) පසු සති දෙකක කාලයක් තහනම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 30 April 2021
‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 30 April 2021
ඇතිමලේ පොලිසියේ 30කට කොරෝනා ඇතිමලේ පොලිසියේ නිලධාරීන් තව 30කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 30 April 2021
හබරාදූව ප්‍රා.ලේ කාර්යාලය වහයි කොරෝනා ආසාදිතයෙකු වාර්තාවිම නිසා හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අද (30) සිට තාවකාලිව වසා දැමිමට පියවර ගත් බව ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.එම්.ශර්ෆාස් මහතා පවසයි. 30 April 2021
රුවන්, පැල්පොල විපස්සි නාහිමියන් බැහැදකී නිදහස ලබා වසර 70ක් ගත වුවද තවමත් රට හදාගන්නට නොහැකි වීම පිළිබඳව ජාතියක් ලෙස කම්පාවට පත්විය යුතු යැයි අග්නිදිග ආසියාවේ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි නාහිමියෝ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවැසූහ. 30 April 2021
මානව හිමිකම් බෝඩ් ගහගෙන ගංජා ඇදලා ’’මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක’’ යනුවෙන් මෝටර් රථයක අලවා ගංජා ප්‍රවාහනය කළ අයකු පොලිසිය පන්නන්දී මොටර් රථය වෙළෙක දමා පළාගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 30 April 2021
රිෂාඩ්ට මැති සබයට එන්න කතානායකගේ කැමැත්ත රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා මැති සභා රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී අද( 30 ) කැමැත්ත පළකර ඇත. 30 April 2021
පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද( 30)තීරණය කළේය. 30 April 2021
ගෑස්, ගෑස් පෙන්නුවොත් 1977 කියන්න කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලේ මිලදී ගැනීමට නොමැති නම් පාරිභෝගික අධිකාරියේ 1977 දරණ පැමිණිළි කිරීමේ දුකරථන අංකයට දැනුම් දෙන ලෙස සමූපකාර සේවාල අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යය පවසයි 30 April 2021
ඇමැතිගෙන් ලිට්රෝ සමාගමට තහංචියක් ලිට්රෝ ගෑස් සමාගම හඳුන්වාදීමක් ලෙස දෙමුහුන් (හයිබි්රඞ්) ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙළෙඳපොලට ඉදිරිපත් කරන්නේ නම් සිලින්ඩරය වෙනත් වර්ණයකින් ඉදිරිපත් කළ යුතු යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. 30 April 2021
යහපාලන ටෙන්ඩරයට එරෙහිව සජබ මන්ත්‍රීගෙන් පැමිණිල්ලක් මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩරය, අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වූ විදේශ සමාගමකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන්නැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 30 April 2021
කුරුණෑගල අධිකරණයේ කොරෝනා අවදානමක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වීම සැලකිල්ලට ගෙන අද (30) දින සිට ලබන මස 09 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය. 30 April 2021
පී.සි.ආර් පරීක්ෂණ වැඩි කරයි කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා පී.සි.ආර් පරීක්ෂණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 30 April 2021
බස්නාහිරට සහ වයඹට ගිගුරුම් සහිත තදවැසි බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල අද (29) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 April 2021
ගිරිබාව රෝහලත් වසයි කොරෝනා වයිරසය ආසාධිත රෝගියකු මරණයට පත්විමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බළධාරියෙක් පැවසිය . 30 April 2021
නිරෝධායන නීති කැඩු 104ක් අල්ලයි නිරෝධාන නීති උල්ලංඝනය කරමින් මහ මඟ ගමන් ගත් පුද්ගලයන් 104 දෙනකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 30 April 2021
චීන ඇමැති එද්දී පොලිස් රාජකාරියට බාධා කළ අයෙක් අල්ලයි චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026