පූජනීය ස්ථාන පැවැත්මට මෝදිගෙන් රුපියල් කෝටි 300ක් ශ්‍රී ලංකාවේ පන්සල්, පිරිවෙන් සහ කෝවිල්වල යහපැත්ම සඳහා වැය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදී මහතාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක (රුපියල් මිලියන 3000) අරමුදලක් ස්ථාපිත කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 06 October 2021
පසුපෙළ මන්ත්‍රින් ගැන රනිල්ගේ හිත උණු වෙයි පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු කටයුතු සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) ඉල්ලා සිටියේය. 06 October 2021
ත්‍රී‘මලේ තෙල් ටැංකි මැති සබේ උණුසුම් කරයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ දිගු සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (6) ඇතිවිය. 06 October 2021
දත්ත මැකූ ඉංජිනේරුවාට අදත් ඇප නෑ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව විනාශ කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ’ සහායක ඉංජිනේරුවරයා ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) ප්‍රතික්ෂේප කළේය. 06 October 2021
‘‘කුඩ්ඩන්ට මින් පසු ලයිසන් නෑ‘‘ බරවාහන රියදුරු බලපත්‍ර ලාභීන් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් , බරවාහන සදහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ,දිවි ඇති තෙක් අවලංගු කිරීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 06 October 2021
ගුරුදිනය සමරන්න ගුරුවරු මහ පාරට බසිති ජාතික ගුරු දිනයට සමගාමිව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංවිධානය කළ උද්ඝෝෂණය අද (06) දිවයින පුරා පැවැත්විණි. 06 October 2021
ලක්සල බඩු පිටරටටත් යයි ලක්සල ආයතනයේ දේශීය භාණ්ඩ විදේශයන්ට විකිණීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 October 2021
ඇමැති සුසිල් ගුරු - විදුහල්පති ගැටළු විසඳන හැටි කියයි ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය අදියරෙන් අදියර විසඳන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 October 2021
පෙට්‍රෝලියම් සමාගමෙන් අලුත් ගෑස් සමාගමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන පරිදි නව සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 06 October 2021
“ගුරු බලවත් වේවා’’ ජාත්‍යන්තර ගුරු දිනය අද (6)ට යෙදී ඇති අතර මේ වෙනුවෙන් වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය සහ හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතා අපූරු සුබ පැතුමක් තම මුහුණු පොතෙහි පළ කර තිබේ. 06 October 2021
“ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙනයන්න 20 අහෝසි කරන්න’’ රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාම සඳහා 20 වැනි සංශෝධනයෙන් ඇතිකළ ඒකාධිපති බලතල වහා ඉවත් කිරීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපතිවරයා ප්රමුඛ රජයට ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය. 06 October 2021
ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන නැතැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයෙ (05) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 06 October 2021
‘‘පැන්ඩෝරා‘‘ ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක් පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මසක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 06 October 2021
වැඩිම වර්ෂාපතනය කළුතරින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (5) දිනයේත් තද වැසි ඇද හැලුණු අතර අද (6) අලුයම 5.45 ට අවසන් වූ පැය 24 ක කාලයේදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි. 06 October 2021
එතෙර රැකියාවලට යන අයට හෙට සිට එන්නත් විදේශ රැකියා සඳහා විදේශ ගතවීමට සූදානමින් සිටින අය සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට (07) සිට ආරම්භ කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 06 October 2021
පළාත් රැසකට අද තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, වයඹ සහ දකුණු පළාත්වල අද (6) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2021
බිබිලේ පැණි දොඩම්වලට හෙනහුරෙක් පාත් වෙයි බිබිලේ ප්‍රදේශයේ අවාරයේ හටගත් පැණි දොඩම් වගාවට කිසියම් කෘමී උවදුරක් හේතුවෙන් කුණු වි වැටෙන බව ගොවීහු පවසති. 06 October 2021
කුකුලේ ගඟේ දොරටු අරී කළුතර දිස්ත්‍රික්කයේ රක්ෂිත ප්‍රදේශවලට පවතින වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාමත් සමග කුලේ ගග ජලාශයේ වාන් දොරටු රාත්‍රි 10.15ට විවෘත කර ඇත. තත්පරයට ඝන මීටර් 130ක් ජලය පිට කරන බව එහි නිලධාරිහු පවසති. 06 October 2021
සිමෙන්ති,කිරිපිටි සහ ගෑස් මිල තීරණයට විශේෂ කැබිනට් රැස්වීමක් කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (07) පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ . 05 October 2021
සිනමා සිත්තමට නිළියත් අධ්යක්ෂවරයාත් උඩුගුවනට රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන යුලියා පෙරෙසිල්ඩ්, අද (5) ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව ගියාය. ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන චිත්‍රපටයක රංගනය සඳහාය. 05 October 2021
ශ්‍රී ලංකාවේ ගමන් මග ඉන්දීය විශේෂඥයෙක්ගේ පැසසුමට සෞඛ්‍ය සම්පන්න හා තිරසර ආහාර පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයන් පිළිබඳව සිය ප්‍රසාදය පලකරන බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා කියා සිටී. 05 October 2021
‘‘යොහානිට අලුත් තනතුරක්‘‘ ’’ මැණිකේ මගේ හිතේ ’’ ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇත. 05 October 2021
විශ්ව විද්‍යාල සිසුන්ට එන්නත් දීම විශ්ව විද්යාලවලදීම විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා සිදුකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලංකාදීපයට පැවසීය. 05 October 2021
මැතිසබය උණුසුම් කළ පැන්ඩෝරා පේපර්ස් හිටපු ජනපතිවරුන් අගමැතිවරුන් රජවරුන් හා රාජ්‍ය නිලධාරීන් 300 දෙනකුගේ කළු සල්ලි පිළිබඳව තොරතුරු හෙලිදරව්වූ පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න කිරීම් නිසා මැතිසබේ උණුසුම් තත්ත්වයක් අද ඇතිවිය. 05 October 2021
අජිත් රෝහණට නව තනතුරක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිය , අජිත් රෝහණ මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සාමාජිකයෙකු වශයෙන් පත්කර ඇත. 05 October 2021
‘ඩෙංගු’ මාරයාට හිස ඔසවන්න දෙන්න එපා වර්ෂාවත් සමඟ ‘ඩෙංගු’ රෝගය පැතිර යෑමේ අවදානමක් තිබීම නිසා නිවාසවල සහ රාජ්‍ය ආයතනවල මඳුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 05 October 2021
ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටියි රට පුරා ප්‍රදේශ රැසක අද (05) පෙරවරුවේ විදුලි සැපයුම විසන්දි වූ බව විදුලි බල මණ්ඩලය පවසයි. 05 October 2021
කොරෝනා මාරයාට අදත් 40 බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 40 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 October 2021
කොවිඩ් ආසාදිතයන් 563ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 563 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 October 2021
ජර්මානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි ජර්මානු ආරක්ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් මහතා නාවික හමුදා මූලස්ථානයේදී අද (05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. 05 October 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026