කැබිනට් රැස්වීමත් ඔන්ලයින් කැබිනට් මණ්ඩල රැස්වීම ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි. 03 May 2021
කම්කරු දෙපාර්තමේන්තුව සේවා සීමා කරයි නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ජනතාව ඇතුළත්කරගැනීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබේ. 03 May 2021
ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැතිගෙන් පණිවුඩයක් ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව අද (3)ට යෙදෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 03 May 2021
කොරෝනා පළමු එන්නතෙන් මාස තුනකට ආරක්ෂාව කොරෝනා එන්නත් එක මාත්‍රාවකින් මාස තුනක් යනතෙක් එම රෝගය වැලඳීමේ ප්‍රවණතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. 03 May 2021
දිලුම්ට තව රාජ්‍ය අමාත්‍ය ධූරයක් දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 3) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 03 May 2021
උපරිමාධිකරණයේ නඩු 07 වැනිදා තෙක් වීවෘත අධිකරණ ශාලාවල නොකැදවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු ලබන 07 වැනිදා තෙක් වීවෘත අධිකරණ ශාලාවන් හී නොකැදවීමට අද (03) සිට තීරණය කර ඇත. 03 May 2021
කෝඩුකාර ප්‍රවීන්ගෙන් ශ්‍රී ලංකා වාර්තා දෙකක් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය. 03 May 2021
එන්නත් දෙන්නැයි සජිත් තානාපතිවරුන් අමතයි ශ්‍රීලංකාවේ පවත්නා කොරෝනා අවදානම් තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ලබාදීමට සහයෝගය ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 03 May 2021
තිසර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 03 May 2021
ලංගම දුරගමන් සේවා සීමා කරයි මගී ජනතාවගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා බස් රථ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2021
කොරෝනා නම් 1906ට කියන්න නිවෙසෙ කෝවිඩ් -19 ආසාදිතයන් සිටී නම් 1906 අමතා දැනුම් දෙන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 03 May 2021
ත්‍රිරෝද රථ තොරතුරුත් අන්තර් ජාලයට අපරාධ වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් දිවයිනේ සියළුම තී‍්‍රරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුමක් සකස් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 03 May 2021
ගම්පහ කොරෝනා උඩු දුවයි ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් - 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 03 May 2021
දක්ෂිණ අධිවේගයේ සේවකයෝ 17කට කොරෝනා කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ,කඩුවෙල සහ අතුරුගිරිය අන්තර් හුවමාරුවන්හි සේවකයන්17දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම අන්තර් හුවමාරුවන්හි කටයුතු අඩපණවීමෙන් ඒ මාර්ගයේ ගමන් ගත් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්වූහ . 03 May 2021
දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල අද (03) පෙරවරුවේ ලකුණු 209 කින් ජය ලැබීමට සමත් විය. 03 May 2021
අන්තර්ජාලයෙන් ත්‍රස්තවාදය පතුරුවා අමාරුවේ වැටේ අන්තර්ජාලය ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරමින් සිටි පුද්ගලයකු එරාවූර් වෙංකලාඩි ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 03 May 2021
තවත් ප්‍රදේශ හයක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ තවත් ප්‍රදේශ හයක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 03 May 2021
දක්ෂිණ අධිවේගයේ “ඉමදූව“ හුවමාරුවෙත් දෙදෙනෙකුට කොරෝනා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බැව් ඉමදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 03 May 2021
සැර ප්‍රභේද සොයන්න තවත් සාම්පල් 90 ජ‘පුරට විකෘති සැර වෛරස ප්‍රභේද ඇත්දැයි සෙවීමට කොරෝනා ආසාදිතයන්ගේ තවත් ජෛව පටල සාම්පල 90ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 03 May 2021
කොරෝනා මරණ තව නවයක් වාර්තා වෙයි කොරෝනා මරණ තවත් 9ක් අද වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තහවුරු කර ඇති. ඒ් අනුව මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 696 දක්වා ඉහළ ගියේය. 02 May 2021
පී.සී.ආර්. ප්‍රමාදයට අඟුණකොලේ රැඳවියෝ විරෝධය පළ කරති අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාදයට විරෝධය දක්වමින් අද පස්වරුවේ විරෝධතාවක් දැක්වීම නිසා එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්වයක් ඇතිවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 02 May 2021
‘සත්කාර පියස’ සම්මුඛ පරීක්ෂණ දින නියමය් නැතිව කල් යයි විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා හෙට (3) පැවැත්වීමට නියමිතව තිබූ ‘සත්කාර පියස’ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල්දැමූ බව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී ඩයස් මහතා පවසයි. 02 May 2021
කොරෝනා නීති කැඩුවොත් ඉදිරියේ දී රට ඉන්දියාවක් වේවි ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 02 May 2021
ආසාදිතයෝ අද 1800 පසු කරති කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 615 දෙනකු අද (2) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1843 ක් දක්වා ඉහළ ගියේය. 02 May 2021
ආයුර්වේද රෝහලුත් කොරෝනා ප්‍රතිකාර අරඹයි රටපුරා ආයුර්වේද රෝහල් ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට රජයේ අනුමැතිය හිමි වී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන සහ ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි . 02 May 2021
නුවරඑළිය පොලිසියේ පහකට කොරෝනා නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ එහි රථවාහන අංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 02 May 2021
මෙරටට එන ගුවන් යානාවල මගීන් සීමා කරයි විදේශ රටක සිට මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. ‘ 02 May 2021
පාසල් 171ක ප්‍රධාන පුටු හිස් රටපුරා පාසල් 171ක විදුහල්පති පුරප්පාඩු පවතින අතර එම පුරප්පාඩු සම්පූර්ණ කරමින් එම පාසල්වලට ස්ථීර විදුහල්පතිවරුන් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 02 May 2021
තමිල්නාඩුවේ බල පෙරළියක් වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට ද්‍රවිඩ මුනේත්ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය සමත්ව ඇත. 02 May 2021
උප කුලපති තනතුරට යැවූ නම් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර සඳහා එහි පාලක සභාව මගින් ජනාධිපති කාර්යාලයට යවා ඇති මහාචාර්යවරුන් තිදෙනාගේම නම් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වෙයි. 02 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026