
(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය කොළඹදී අද(16) සංවිධානය කරන විරෝධතාවයට පැමිණෙන ජනතාවට විවිධ ප්‍රදේශවල දී පොලිසිය බාධා කිරීම් සිදු කළ බවත් ජනතාව පැමිණි බස් රථ මාර්ග බාධක යොදා හරවා යැවීමටත් සංවිධායකවරුන්ගේ කාර්යාලය ඉදිරිපිට පොලිස් නිලධාරීන් යොදවා බාධා කිරීම් සිදුකළ බවත් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛ යවා ජනතාවට විරෝධතාවට පැමිණීමේ සියලුම මාර්ග අවහිර කිරීමට කටයුතු කළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
ජනතාවට විරෝධය පළ කිරීමේ නිදහස උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්ර විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ තියෙන්නෙ කැලා නීතියක්, ප්‍රශ්නෙට මුහුණ දෙන්න කොන්ද පණ නැහැ, ලොක්කා ජනතා බලය දකින්න බයයි, පුදුම නීතියක්, පාරෙ දුවන බස්වල මිනිස්සු කිටි කිටියෙ යනවා, කෝච්චි වල යනවා, ජනතා හඬ යට ගහන්න මිනිස්සුන්ට බලපෑම් කරනවා, ලැජ්ජයි යකෝ, විලි ලැජ්ජයි. නිරායුධ මිනිස්සුන්ට හිරිහැර කරන එක ලොකු දෙයක්ද? මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ, ගෙදර පලයල්ලා
නීතිමය පියවර ගන්න නොවෙයි රජයක් පිහිටුවීමෙන් පසුව බලය අයුතු ලෙසට පාවිච්චි කලාට එයට සම්බන්ධ සියලු දෙනාටම ජීවිත කාලයටම ප්‍රජා අයිතිය අහෝසි කරන්න
යාළුවා කාගෙවත් විරෝදතාවලින් ප්‍රයෝජනය ගන්න වගේ හදන්නේ?
ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කරන්න කොරෝනා බලකරන්න දුන්නේ නෑ කියලා
අනේ බුදු පුතේ වැඳලා කියන්නම් .මේ රටේ ආයේ කොවිඩ් හදන්න නම් දඟලන්න එපා .මිනිස්සුන්ට කන්න නැහැ තමයි .එත් ඔයාලා ඒ අහිංසක මිනිස්සුන්ව පාරට බස්සවලා ජීවිතේ නැති කරන්න එපා .තමන්ගේ සටන් ඔන්ලයින් කරන්න .පින් අයිති වෙයි
සමහරු රජයේ රැකියාවක් ලබා දෙන්න කියලා උද්ඝෝෂණ කරනවා. සමහරු වැටුප් වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. සමහරු උද්ඝෝෂණ කරන්නේ හැමදේම නොමිලේ දෙන්න කියලා. සමහරු උද්ඝෝෂණ කරන්නේ බලය ගන්න.
අද ජනතාව අන් කවර දාකටවත් වැඩියෙන් .හෙම්බත් වෙලා ඉන්නේ .මේ වෙලාවේ පිස්සු නටලා ආයෙත් කොවිඩ් රැල්ලක් ඇති කරලා ඉතිරි ටිකත් විනාශ කරලා දමන්න මෙයාලා හදන්නේ .ඔයාලට තියන හදිස්සියට ආණ්ඩු පිහිටුවන්න බැහැ .මේ එකට අවස්තාව නොවේ . වාහන වල යන්නේ ,සෑම පැත්තකින්ම ආරක්ෂිතයි .ඒත් ඔතනට එන මිනිස්සු
ඇත්තටම තව සුමාන දෙක තුනකින් ආයිමත් කොරෝනා රැල්ලක් මතුවුනොත් මේ කට්ටිය ගැන අපි මානව හිමිකම් කාරයන්ට පැමිනිලි කරන්න ඕනා. මේ අයට ඕනා අපිව මරලා හරි තමන් බලයට එන්න. රජයත් විපක්ෂයත් දෙකටම කියන්නේ තව දුරටත් අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කෝවිඩ් පැතිරෙන දේවල් දැන දැනම කරලා.
ඔයාලට හැමදේටම ඉතින් ජාත්යන්තර්ය නේ.ගිහිල්ලා කියන්න අපිට කොවිඩ් පතුරවන්න ඉඩ දෙන්නේ නැහැ කියලා .ඔයාලට කොහොමත් මල කඳන් උඩින් බලයට ඇවිල්ලා හොඳට පුරුදුයිනේ .ඒ වගේම ඔයාලට ඕනේ නැවත රට වස්සලා රටේ ආර්ථිකය වට්ටවලා බලය ගන්න නේ . ඒ උනාට අඩුම තරමේ කුලී වැඩ කරලා එදා වෙලා සොයාගෙන කන මිනිස්සු ගැනත් හිතන්න .එහෙම නැති නම් වෙන්නේ ඔයාගේ හිටපු ලොක්කාට උන දේ.කයිවාරු ගහගෙන හිටියට ඉතිහාසේ කුණු බක්කියට වැටුනා නේ
ජන රාශිය නැවැත්වීම සම්බන්දව වහාම ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කල යුතුය.