(යොහාන් භාසුර)
දේශපාලනය ගැන විතරක් හිතන රට ගැන නොහිතන පිරිසක් රට තුළ තවත් ‘කොවිඩ්’ රැල්ලක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා පවසයි.
තවත් කොවිඩ් රැල්ලක් හදලා මේ රට නැවත වහගා මේ ඇතිවෙලා තියෙන ප්‍රබෝදය සහ පුනර්ජීවය නැති කරන්න කිසියම් හෝ පිරිසක් උත්සාහ කරන බව කී සාගර කාරියවසම් මහතා නැවත කොවිඩ් රැල්ලක් නිර්මාණය නොකරන ලෙස විපක්ෂයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
එම පුද්ගලයන් රටේ ජනතාවට දුක දීලා, ජනතාවගේ බඩට ගහලා ජනතාව බඩගින්නේ තියලා බලය ලබාගන්න කටයුතු කරන්නේ නම් එය ඉතාමත් කණගාටුදායක තත්වයක් බවත් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටක් ගැන හිතන උදවියනම් තම තමන්ගේ සුකවිහරණ කොයිම අවස්ථාවකවකවත් අත් හැරියද.?
''ජනතාවට දුක දීලා... ජනතාවගේ බඩට ගහලා... ජනතාව බඩගින්නේ තියලා'' මේ කියන්නේ ලොක්කා කරන දේවල් කියලා අමතක උනාද.? ලේකම් පට්ටම නැති කර ගන්නද හදන්නේ.?
මේ සියල්ලට හේතුව තමාගේ මොළයෙන් නොසිතා දේශපාකයන්ගේ මොළයෙන් හිතන ජනතාවක් සිටීමයි. ඔවුන් හැමදාම බලන්නේ පක්ෂයක් දෙස මිසක් රට දෙස නොවේ.
රටේ ජනතාව ගැන කනගාටු, අනුකම්පා එහම තියනවා නම්, චන්ද සමයේ පොරුන්දු වුනු පරිදි පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කලාද? අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙනාවද? විදේශ සමාගම්වලට විකුනපු දෙපළ නැවත ගත්තද? හකීම් රිශාර්ඩ්ලාගේ කන්ඩාඩායමෙහයෝග ගන්න නැහැ කියමින් ඇයි ගත්තේ?
රට ගැන විතරක් හිතලා මන් දෙහ්සපාලන පක්ෂයකට බැඳුනා .මන් වගේ රට ගැන විතරක් හිතලා කටයුතු කරන්න .ඇදේට යන කකුළුවා පට්ටියට කිව්වාලු
රට ජාතිය ආගම ගැන හිතනවානම් උඹ ඔතන ඉන්නේ නෑ
ඔය දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත. අපිට තවත් බයිල ගහන්න අවශ්‍ය නෑ.
මිස්ට කාරියවසම්... අපි හඳේ හිටිය නම් ඔයා කියන කතාව පිළිගන්න තිබුණා.. මොකද එතකොට අපිට දේවල් දැනගන්න තියෙන මාධ්‍යයකට තියෙන්නෙ පෘථිවියෙ පාලක මැදිරිය විතරයි. වෙලාවට අපිත් ඉන්නෙ මේ ඔහේ ඉන්න රටේම තමයි... එකත් එකටම සාගර කාරියවසම් කක්ෂගතවෙලා වගේ මේ කතාවලින් පේන්නෙ...