(යොහාන් භාසුර)

 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඉන්දුනීසියාවේ පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට සමගාමීව   බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍ය නුරුල් මජිඩ් මහ්මඩ් හුමායන්  මහතා සමග ජකර්තාහිදී ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගි වෙමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

එසේම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින බංග්ලාදේශයට මෙරට එම  ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඇරයුම් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.