
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් සියයට 72.4 කට මේ වනවිට ‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව සමස්ත ජනගහණයෙන් සියයට 60 කට එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ප්‍රසස්ථ මට්ටම බව යැයි ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
වයස අවුරුදු 16 සිට 19 දක්වා පාසල් දරුවන්ගෙන් සියයට 70 කට පමණ එන්නත ලබාදී ඇති බව කී අමාත්‍යවරයා වයස අවුරුදු 20 ත් 29 ත් අතර ජනගහණයෙන් සියයට 59.3 කට එන්නත ලබාදී අවසන් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බූස්ටර් එකත් ගහන්න සූදානම් වෙන්න.