
( තිළිණි ද සිල්වා )
විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටී.
මෙම ප්‍රචාරයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව ප්‍රකාශ කර සිටඋ.
රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ, ශ්‍රී ලංකා රුපියල්වලට ස්වෙච්ඡාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් සියයට 10ක් 2021 මැයි 28 දින සිට බලපත්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය ප්‍රවාහය පදනම් කරගෙන සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීමට යෝජනා සඳහා වූ ඉල්ලීම් සිදු කෙරෙන අතර, මෙම සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවනු ඇතැයිද මහ බැංකුව පෙන්වා දේ .
තවදුරටත් තම ප්‍රේෂණ පෙර මෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට හෝ ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රමිකයන්ට කිසිදු බාධාවක් නැතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.
ඒ අනුව, එවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ නැති අධිපතියෙක් පත් කරලා මහා බැංකුවත් හින්දලා තව බයිලා ගහන්නත් එනවා .එතකොට අපිද කිව්වේ මෙහෙට එවන විදේශ විනිමය රුපියල් වලට හරවන්න ඕන කියලා ?මුන් සේරම රිවස් පෙති ගහලා ඉන්නේ
අපේ මහා බැංකුව අපිට විශ්වාසයි, එහෙම නේද ?
මටනම් මේ ආන්ඩුව කියන දේවල් සතපහකට විස්වාසයක් නෑ. ජොන්ස්ටන් කිව්වනෙ රටේ ඕනෙ තරම් සල්ලි තියෙනව කියල දැන් සල්ලි නැතිව තෙල් ගෙන්නන්න බෑලු. එතකොට මිලින්ද රාජපක්ශ කියනව සින්ගප්පූරුවට කෑම නෑලු. මේ වගේ අමූලික බොරු කියල රටේ මිනුස්සු මුලා කරන එකනෙ කරන්නෙ. ඉතින් මෙහෙම නම් කරන්න අපි කොහොමද මේගොල්ලො කියන එව්ව විස්වාස කරන්නෙ.
මේ දේසපාලුවන් හා මෝඩ රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමට ඔබේ ඩොල්ර් එවන්න එපා. ඒවා ඔබ ඉන්න තැනක ආයෝජනය කරන්න
කණගාටුයි අපි දැනටමත් අපි නමින් මුදල් එවන්න එපා වෙනත් ගිණුම් වලට යවන්න කියා උපදෙස් දුන්න. ඔබලා පරක්කුයි.
ඔවුන්ව ආකර්ෂණය කර ගැනීමට තාවකාලිකව රුපියල් 20. ට ,$ දෙන්න. යථාර්ථවාදී වන්න.