(නිමල කොඩිතුවක්කු)

බත්තරමුල්ල සෙත්සිරිපාය සහ ඒ ආසන්නව පිහිටි කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා  ගමනා ගමන මණ්ඩලය විසින් සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් සේවාවන් රැසක් අද(16) සිට ආරම්භ කෙරනු ලැබීය.

ඒ අනුව සෙත්සිරිපාය සිට කිරිඳිවැල-, යක්කල,- කටුනායක,  පාදුක්ක, - මතුගම,  හොරණ,- අවිස්සාවේල්ල,- නිට්ටඹුව, - කොළඹ කොටුව, - දෙමටගොඩ දුම්රිය ස්ථානය  සහ  කඩවත දක්වා බස් සේවාවන් 11ක් අද දින සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවිඩ්  ව්‍යාප්තිය පාලනය කිරිමත් සමගම රැකියා සදහා පැමිණෙන කාර්යාල සේවකයින්ගේ පහසුව සදහාත් මෙම බස් සේවාව ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරිය එහිදී පැවසුවාය.

බත්තරමුල්ල - සෙත්සිරිපාය සහ ඒ අවට රාජ්‍ය  ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂිතව තනි බස් සේවාවක් මගින් පහසුවෙන් තම ගමනාන්තයන් වෙත යාමට හැකි වන පරිදි මෙම බස් සේවාවන් සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කළාය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාතයාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක  යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.