(අංජුල මහික වීරරත්න)
වාහන අනතුරු බද්දක් පනවා රජය මෙවර අය වැයෙන් මධ්‍යම පාන්තිය සාමාන්‍ය ජනතාවගේ පොකට්ටුවට තට්ටු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ සාක්කු පිරවූ නමුත් සෞභාග්‍යයේ දැක්මෙන් ජනතාවගේ පොකට්ටුවට තට්ටු කර ඇතැයි ද නියෝජ්‍ය නායකයා සදහන් කළේය.
"ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තුවක් ජනතාවට නැතත් අය වැයෙන් යම් සහනයක් ලබා දේවි යැයි ජනතාව පොඩි විශ්වාසයක් තබාගෙන හිටියා. නමුත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ මංගල අය වැය ලේඛනය පුස්සක් බව මේ වන විට රටට හෙළි වෙලා අවසන්"යැයිද කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් රුවන් විජයවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේනට කඩේ යනවා නෙමෙයි.. ලෝකයේ දියුණු රටවල වාහන අනතුරුවලින් පොදු හෝ පුද්ගලික දේපළ හානිය, වාහනයේ රක්ෂණයෙන් අයකරගන්නවා. මේ බව ඔබතුමා දන්නවා ඇති. නමුත් ජනතාවට වෙන කොළයක් පෙන්නනවා නේද?
කොහෙද හලෝ එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ සාක්කු පිරෙව්වේ ?ඔයාලගේ සාක්කු නම් පුරවා ගත්තා මහා බැංකුව කොල්ල කාලා. ජනතාවගේ සාක්කු පිරෙව්වානම් ජනතාවට පිස්සුද ඔයාලාව කුජීත විදියට පරදවන්න
ඔහෙලට මහ බැංකුවටම ගහලා රටේ ජනතාවගේම පොකැට්ටුවලට ගහන්න හොඳයිද? අනතුරු කර ගන්නේ නැතුව ඉන්නවකෝ. අනතුරක් සිද්ද උනාම රජයේ වියදමින් ඕනේ පරීක්ෂණ පවත් වන්න ඒ වියදම් බර එන්නේ රටේ ජනතාවට. අපි මොකටද කාගේවත් අනතුරු පරික්ෂා කොරන්න වියදම් කරන්නේ. අනතුරුකරගත්ත මිනිස්සු ගෙවපල්ලකෝ.
අන්න අර පැත්තේ උගත් බුද්ධිමත් "ගොනානොගේ" ඇම්බැට්ටයෝ ටික ලවක් දෙවක් නැතිව පාරේ කෑමොර දෙනවා. ඒ මදිවට "රන්ගෙය" ජාත්‍යන්තරයටද කොහෙටද යනවලු පැමිණිලි කරන්න. තමුසෙත් රනිල් ඇම්ඩාගේ ලගම ගෝලයෙක් නේද මොනවා හරි කියනවා....ලකුණු අඩුවෙයි ඉක්මන් කරනවා "රන්ගෙයට" ලකුණු 100% ලැබිල තියෙන්නේ. "ගොනානෝට" ලකුණු 200% ලැබිල තියෙන්න.. ඉක්මන් කරනවා වාත නොවී....