IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


චීන එන්තරවාසිය ගැන නීතිපතිගේ උපදෙස් පතයි

( තිළිණි ද සිල්වා )

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවය වෙත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය මේවන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටී.

ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණි.

එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන්  නීතිපතිවරයාගේ උපදෙස් ඉදිරියේ දී ලැබීමට නියමිතව තිබේ.

අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වීමත් සමග චීන සමාගමක් විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.

කෙසේවෙතත් කාබනික පොහොර සහිත “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති බව වාර්තා වේ.



අදහස් (5)

චීන එන්තරවාසිය ගැන නීතිපතිගේ උපදෙස් පතයි

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 November 2021 02:21 PM

අපේ රටේ ජාතික ශාක නිරෝධායන සේවය කියනවා නම්, චීන පොහොරවල බැක්ටීරියා අඩංගුයි කියලා අපට එම පොහොර අවශ්‍ය නැහැ. අනිත් කාරණය මේ නැවේ නම වෙනස්කොට වෙනත් නමකින් ආපු කතාවක් තිබුණා මතකයි. චීනා මිනිස් අසූචි මිශ්‍ර පොහොර නිපදවන බවට නොයෙකුත් ආරංචි තියෙනවා. අපේ නීතිපති තුමාට මේ වැනි දේ ගැන සොයා බලා කරුණු කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ජනපතිතුමාට 2/3 බලයක් ලබාදී තිබෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට කෙලින් තීරණයක් ගන්න. කෝ ඒ වුණාට මේවා නොදන්නවා වගේනේ ඉන්නේ.

:       0       23

පිටිගල මිලානෝ Saturday, 13 November 2021 07:19 PM

2/3 බලයක් දීලා පත්කරන්න තිබුණේ සරත් ෆොන්සේකාව... නැතුව මෙහෙම බය කෙනෙක්ව නෙවෙයි.

:       0       3

gaminu Saturday, 13 November 2021 09:52 PM

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව මේ වනවිට වටේම ගමන් කරමින් සිටියි. යම් හෙයකින් කාර්මික දෝෂයක් නිසා නැවත පෙර නැව මෙන් ගිනිගැනීමක් හෝ තෙල් කාන්දුවක් ඇති වුවහොත් වගකීම බාරගන්නේ කවුරුන් විසින්ද කියා රජය පැහැදිලි කරන්න...

:       0       3

ගමේ එකාලා Sunday, 14 November 2021 03:47 PM

නීතිපතිටත් වැඩිය බලය තියෙන්නේ රටේ ජනාධිපතිටනේ. චීන්නු එක්ක ගනුදෙනු කරන උදවියටම බැරියැ ඔය ප්‍රශ්නේ විසඳගන්න. හත් පොළේ ගාගෙන දැන් කරකියාගන්න දෙයක් නැතුව ඇති...

:       0       3

sampath Tuesday, 16 November 2021 12:14 AM

චීනා අපිව බය කරලා ඉන්දියාවෙන් පරිප්පු දාපු ක්‍රමයට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site