
(අංජුල මහික වීරරත්න)
මෙවර අය වැයෙන් කිසිදු සහනයක් අපේක්ෂා කළ නොහැකි අතර එය ජනතා අපේක්ෂා සුන් කරන අයවැයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කඩා වැටෙන රට ගොඩනගා ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට වත්මන් පාලනයට හෝ උද්ඝෝෂණය කරන අයට කිසිදු සැලසුමක් සහ වැඩපිළිවෙලක් නැති බව කී වජිර අබේවර්ධන මහතා ඒ හැකියාව ඇත්තේ දකුණු ආසියාවේ පරිණතම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහතාට බව සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධව හොරණ සහ බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශවල එජාප ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීම්වලට එක් වෙමිනි.
හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද මෙම අවස්ථාවට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල ඔක්කොම තරඟෙට අවුරුදු 70 පසු විපරමක් ,රටේ සංවර්ධනයක් නොවන , සහන දීල දීල දැන් රටේ කෑලි විකුනන්න වෙලා .
වජිර ගොයියෝ තමන්ගේ මව්බසට නිගා කරන එක තමන්ගේ ආදරණිය මෑණියන්ව තමන්ම කෙලෙසුවා හා සමාන බවවත් නොදන්නේද ??....සිංහල බාෂාවේ වචනවල නියම අර්ථය නොදන්නේ නම් නිහඩව ඉන්නවා එක වඩාත් නම්බුයි බාශාවට නිගරු කරනවාට වඩා.. අප රටේ "පරිණතම දේශපාලනඥයන්" නොමැත , ඉන්න තරමක් ඉන්නේ "රට කාබාසිනියා කිරීම පිලිබදව පරිණතම දේශපාළුවන්"...තමුසෙගෙ ලොක්ක නොහොත් රනිල් ඇම්ඩන් ඒ ගොඩේ ඉහලින්ම ඉන්න අපතයෙක්....
ඒක තමයි ගිය පාර හෝද ගෙන ගියේ. කොළඹ ජනතාවත් ඔය කියන අර දකුණු ආසියාවේ පරිණතම දේශපාලනඥයාව ගෙදර යැව්වෙත් .
ඔයා තවම වන්දනාවේ යන්නේ එයා නැවත ඒවි කියලා හිතලාද ?දවල් හීන දකිනවා .ඔයාල ඔක්කොම කුණු බක්කියට වැටිලා ඉවරයි .නැවත ජනතාව ඔබලාව පිළිගන්නේ නැහැ
රනිල්ට කරන්න පුළුවන් ඩීල් දාන එක පමණයි .රනිල්ට කියන්න පුලුවන්නම් ලබන පාර පළාත් සභා චන්දයට ඉදිරිපත් වෙලා අසුනක් හෝ දිනලා පෙන්වන්න කියලා
ඕක කියන්න දෙයක්ද? කොරෝන වලින බේරා ගත්ත එක මදිද?
දකුණු ආසියාවේ පරිනතම දෙශපාලනඤයා
ලොම් හැලුණු පලියට පරිනති කියනවානම් අපේ ගෙදර ටෝමියත් මාර පරිනත බල්ලෙක් .හැබැයි ටෝමියා ලොම් හැලෙනකම් කලේ කාලා මුල්ලකට වෙලා නිදාගත්තු එකයි ,පාරේ යන සුද්දෙක් දැක්කහම නකුට වනන එකයි
මෙවර අයවැයෙන් විතරක් නෙමෙයි ඊට පස්සේ වත් සහනායක් බලාපොරොත්තු වෙන්න එපා .සහන ලබපු අය කවුද කියලා පින්තුරෙන්ම පේනවා නේ ?බෙල්ල තල්ලට ඇවිල්ලා .හරිම සහනයෙන් ඉන්නේ කියලා හොඳට තේරෙනවා .මිනිස්සුන්ට සහන නෙමෙයි .අදායම් ක්‍රමයක් හදා ගන්න රටේ ආර්ථිකය විනාශ නොකර හිටියොත් ඇති