
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අපේ ජනබල පක්ෂය විසින් සිය පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජගිරිය සදහම් සෙවණ නිර්මාතෘ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළේය.
විදානපතිරණ ඇසෝසියේට් නීතීඥ සමාගම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපේ ජන බල පක්ෂය , එම පක්ෂ මහ ලේකම් නිශාන්ත රත්නායක , පක්ෂයේ සභාපති සමන් පෙරේරා , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින් සිව්දෙනා , මැතිවරණ කොමිෂණ් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක , පාර්ලිමේන්තු මහ ලේකම්
අපේ ජනබල පක්ෂය විසින් තමාගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමටගත් තීරණය නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් , තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමී නොවූ බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර අතුරලියේ රතන හිමියෝ සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල අත්හළයුතු අය තනතුරු තණ්හාවෙන් පෙළෙමින් සිටියි.
සතර දෙසින් එන ගංගා මුහුදට වැටුණාම ලුණු රස වෙනවා වගේ, බුද්ධ ශාසනයත් මොන කුලයකින්, ජාතියකින් ආවත් එකම පිරිසක් කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඔබ වහන්සේගේ පක්ෂය බුද්ධ ශාසනය නොවෙයිද?
මේවා දාල අපිට පව් සිද්දවෙනවා.
පුදුම තණ්හාවක්... පාර්ලිමේන්තු හිටියා කියලා ජනතාවට යහපතකුත් නෑ. එහාට මෙහාට පැන පැන විකාර නටනවා...
සංඝයා වහන්සේලාට අකැප කටයුතුවල යෙදෙනවාට අමතරව පක්ෂයට ද්‍රෝහිවීමට දඬුවම් එපා කියන බවක් පේනවා...
සදහම් සෙවනේ නිසල පවනේ... බණක්, භාවනාවක් වඩාගෙන ඉන්න කාලේ හරි මගේ හාමුදුරුවනේ...
අන්තෝජටා.. බහිජටා නොවේද ?
ආසනේ නිසා සාසනේ නෑ..
බුද්ධ පුත්‍රෙයක් කියන්නේ සියලු දෙනාම අතහැරලා අපිටත් නිවන් යන්න කියාදෙන උත්තමයින්ට... බුදුහාමුදුරුවෝ හිටියා නම් ශාසනය විසුරුවනවා තණ්හා ආශා ඇති අය දැකලා...
බුද්ධාගමට අපහාස කරන හැටි කාටවත් පේන්නේ නැද්ද?
කොසොල් රජතුමාගේ 11 වන සිහිනය. කොසොල් රජු – “ඉතා වටිනා අනර්ඝ සඳුන් අරටුවක් නරක් වූ මෝරු සැළියකට අලෙවි කරනවා දුටුවා” බුදුන් වහන්සේ – අනාගතයේ පුද පූජා සත්කාර වලට ගිජු වූ භික්ෂූන් නිසා ශ්‍රමණ ප්‍රතිරූපකයක් බහුල වී ශාසනය පිරිහෙයි. අනාගතයේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් සැප ලබාගැනීම සඳහා සිවුරු දරනවා. ශාසනයේ වටිනා කොටස් නොවටිනා අයුරින් අලෙවි වෙනවා..
ඇයි අපේ හාමුදුරුවනේ මෙහෙම නඩුවලට මුදල් නාස්ති කරන්නේ? අර පරණ පුරුද්දට මාලිගාව ඉදිරිපිට ගිහින් උපවාසයක් කරන්න තිබුණනේ. එතකොට අනුකම්පා හෝ ලැබෙන්න තිබුණා.
තණ්හාය ජායතී සෝකෝ. අපිට දැන් බණ කියන්න වෙලා තියෙන්නේ. මේ දවස්වල කැලණිය විශ්ව විද්‍යාලයේ ඉඳන් කෑගහන කොබෙයිතුඩුවේ සමිතද කවුද එක්කෙනත් මෙහෙම වේවිද දන්නේ නෑ.
දැන්වත් අපි සිංහල බෞද්ධ රාජධානියක සිහිනය අතහැරලා ශ්‍රී ලංකා රජය ගොඩගමු...