
(නිමන්ති රණසිංහ)
ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාල තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් වාර්තා, අදාළ බැංකු හා මුල්‍යායතන මගින් කැඳවා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. කේ.ඩී. විජේරත්න මහතා දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතනයන්ගෙන් මේ වන විටත් ලැබෙමින් පවතින බවත් මෙහි විමර්ශන කටයුතු තවමත් අවසන්ව නොමැති බවත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දෙමින් ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සදහන්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
තිරුකුමාර් නඩේෂන් මහතා පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 08 වැනිදා සහ 15 වැනිදා යන දෙදින අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබාදුන්නේය.
පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර මසක් තුළ වාරතාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ඔක්තෝම්බර් මස 06 වැනිදා අල්ලස් කොමිසමට දැනුම් දුන් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරම පරීක්ෂණයෙන් පසු නීතිපති හෝ නියෝජිතයක් අධිකරණයට එවින් කියාවි මේ පරීක්ෂණය තවදුරටත් කල නොහැකි කියල. ඒ නිසා මහජන මුදල් නාස්ති නොකර මේ සංදර්ශනය දැන්ම නවත්තන එක තමයි හොඳ.
තම තමන්ගේ සල්ලි තියන් ඉන්න ඩමි වලට නඩු දාවිද ආයුබෝවන් ?
අනේ ඉතින් අල්ලයි . නොදන්නා හොරු ඇල්ලීම .මේවා අපිටම කියන එක තමයි ලොකුම විහිලුව
මේ රටේ බැංකු වලින් වාර්තා කැඳවල මොකටද?, මේව ජාත්‍යන්තර ගනුදෙනු . නිකං විහිළු වැඩ. කොලේ වහල ගොඩදාන්න මේ වැඩ