
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කළ ප්රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්රීධූරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්රික් මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
අළුත්ගමගේ ඇමැතිවරයාගේ ඒ ප්රකාශය ගැන තමා කනගාටු වන බවද හෙතෙම සඳහන් කළේය.
හිටපු ජනපතිවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්රකාශයක් කරමිනි.
තමාට මේ නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ඔහු පැවසුවේය.
තමා විස්කි බිබි කළැයි කියන සාකච්ඡාවක් ගැනද ඔහු සඳහන් කර තිබූ බවත් තමා මත්පැන් සිගරට් බොන අයකු නොවේ යයි තමා සිහිපත් කර දෙන බවත් සිරිසේන මහතා ප්රකාශ කළේය.
මෛත්රිපාල සිරිසේන මහතාගේ එම ප්රකාශයෙන් පසු අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන් තම ඉදිරියේදී ප්රකාශයක් කරන බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සෝබන එපා... පැජට් පාරේ මාලිගාවකට රිංගලා අපේ සල්ලිවලින් සැප ගන්නවාට ඔහේට කවදාවත් හොඳක් වෙන්නේ නෑ. ඔහේ මේ රටට කරපු අපරාධවලට වන්දි ගෙවන්න වෙන්නේ පොලිත් එක්ක... ඒක දැනගන්න...
ඔයාගේ නියමිත කාලය තුල රටට වැඩක් කලා නම් ගෙවල් 3 ක් නෙමෙයි 5 ක හිටියත් කමක් නැහැ .අඩුම ටහ්රමේ ග්රාමසේවක කෙනෙක් කරන ටිකවත් කලාද ?පාස්කු ප්රශ්නය වලක්වන්න කටයුතු කරනවා වෙනුවට කලේ ඇඟ බේරාගෙන වැඩ නිකන් හිටපු එක
කිසිම දේශපාලකයෙක් හොර කම් ,මැරකම්, 10% ගැහිලි ගහන්නේ නැහැ , බොරු කියන්නේ නැහැ .හැබැයි යාන වාහන ,හොඳ ගෙවල්, අක්කර ගණන් වතු හිමි අය වෙලා. ඒත් වසර 73 යනකොට ලෝකෙටම ණය වෙලා, ණය ට ගන්න තැනක් නැතිව දඟලන රටක් බවට ලංකාව පත්වෙලා
අනේ එපා රත්තරනේ .අපිට දුක දෙන්න එපා .දාලා යන්න එපා .අනේ අපේ මෞබිමට මේ මොනවද වෙන්න යන්නේ ?
ගෙවල් තුනක් ගැන නම් දන්නෙ නැහැ .කරන වැඩ අනුව නම් මහින්දානන්දට මොළේ අවුලක්ද කියලා හිතෙනවා
අනේ අපොයි ඉල්ලා අස්වෙන්න නම් එපා .අපට දරා ගන්න බැරි වෙයි
මාර ජෝකර්ලා දෙන්නෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ... මේවා වැඩක් නැහැ..
එක මිනිහෙකුට එකපාර ගෙවල් තුනක ඉන්න බැහැනේ..., දුප්පතුන්ගෙන් සැප විඳින පාලකයින්...
එහෙනම් ගෙවල් හතරක් යා කරලා වෙන්න ඇති...
එක වෙලාවක ඉන්නේ එක ගෙදරක විතරයි.
ගෙවල් 3ක ඉන්න භාර්යාවෝ 03 දෙනෙක් එහෙම නැහැනේ... කියන්න බලන්න ඔය දෙන්නටම ඉන්නේ එක භාර්යාවක් පමණයිද කියලා...