
(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබූ තද වැසි සහිත කාලගුණ තත්වය අදින් (11) පසු සාපේක්ෂව අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය අද පස්වරුවේදී උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළු වේ යැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර උතුරුමැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd