
(බී.ජී.චතුරංග)
විදුලි බල මන්ඩලයේ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් පිරිසක් අනාරක්ෂිත ලෙස කපා දැමූ පොල් ගසක් පාරේ ගමන් ගත් යතුරුපැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා මිය ගොස් දියණිය බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
අවාසනාවන්ත ලෙස මෙලෙස මිය ගොස් ඇත්තේ නල්ලමුදාව, ඇඳගල බී. ඒ ගුණරත්න (70) නැමැති සය දරු පියෙකි. ඔහු ලංකා ගමනාගමන මණ්ඩලයේ විශ්‍රාමිකයෙකි
ගොවි නියාමකවරියක් වන කලත්තෑව කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි බී.ඒ තක්ෂිලා නැමැති මියගිය අයගේ දියණිය බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.
කලැත්තෑව නෙළුන්කන්නිය මාර්ගයේ තරියන්කුලම මංසන්ධිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
විදුලිබල මණ්ඩලයට අයත් කොන්ත්‍රාත් සමාගම විසින් විදුලි රැහැන්වලට අවහිරයක් වන ගස් සහ අතු කපා දැමීම සිදු කරන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන ගහන්න ඕනේ කාලකන්නින්ට
මොනවා කලත් මියගිය කෙනා නැවත නැගිටුවන්න බැරුවා වගේ විදුලි බල මණ්ඩලයෙන් කිසිම වන්දියක් හෝ නොලැබීමට ඉඩ ඇත.ඇත්තටම ඉතා උසින් ඇති විදුලි රැහැන් වෙනුවෙන් ආසන්නයේ ඇති සරුවට වැඩුණු කෙසෙල් ගස් හා ප්‍රයෝජනවත් ගස් කපන මේ පිරිස් ඇත්තටම අනතුරු ගස් කපන බවක් පෙනේද.
ඉතාම කනගාටුදායකයි .අපරීක්ෂාකාරී වැඩ
සේවා දායකයා වශයෙන් විදුලි බල මණ්ඩලයත් මේ ගැන වගකිව යුතුයි. මේ කොන්ත්‍රාත්තුවෙන් වැඩ කරන්නේ ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැතිව... ඒ අයට දඬුවම් දිය යුතුවක් මෙන්ම මිය ගිය අය වෙනුවෙන් සාධාරණ වන්දියක් ගෙවිය යුතුයි...
මේ මෑන්පවර් කොන්ත්‍රාත්කරුවන් වගකීම් විරහිතයි. ආරක්ෂාව සහ පිරිසිදුකම ගැන ඒ ගොල්ලෝ හිතන්නේ නැහැ... ගහක් කැපුවොත් ඔක්කොම අතු ටික පාර පුරාම දානවා... ලංවිම සභාපතිතුමනි, කරුණාකර ක්‍රමවත් වැඩපිළිවෙළක් යොදන්න.