
(නිමන්ති රණසිංහ සහ යොහාන් භාසුර )
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට ඉදිරිපත් කළ ඒ මහතා, වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
එම වෛද්‍ය සානයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා නැවතත් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙසට එහි වෛද්‍යවරු සදහන් කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඒ හේතුවෙන් ඔහු කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.
රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 10 වැනිදා සිට සතියකට ආසන්න කාලයක් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය විසින් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගනු ලැබ තිබුණේ ඉකුත් ජුනි මස 26 වැනිදාය.
රන්ජන් රාමණායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම සිර දඩුවම නියම කෙරුණේ ඉකුත් ජුනි මස 12 වැනිදාය. පසුව, මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ඒ මහතාව බන්ධනාගාරය අගුණකොළපැලැස්ස බන්ධානාගරය වෙත රැගෙන ගොස් තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගලන් හිමියන්ට සොරුන්ගෙන් පහර කෑමට සිදුවුණා වගේ මෙතුමාට පූර්ව ආත්මයක පවක් පලදෙන්න ඇති...
ලෙඩ වුණාම ඔහොම තමයි. රන්ජන්ට කියලා විශේෂයක් නෑ..
මේ ආත්මෙම පව් පලදීලා දැන් හොඳට භුක්ති විඳින්නේ හැමෝම...
ඇත්තටම මේ මනුස්සයා පව්... චිත්‍රපටිවල එන වීර චරිතය සැබෑ ජීවිතයේ රඟ දක්වන්න ගියා. මෙයාගේ එම ගතිය කපටි දේශපාලන නායකයෝ එයාලට ඕන විදිහට පාවිච්චි කළා. එයා අද පාර්ලිමේන්තුවේ... මෙයා හිරේ...
මෙතුමා මිනීමරලා, හොරකම් කරලා තිබ්බා නම් මෙතරම් අමාරු නොවෙන්න තිබ්බා.
මා හට පුර්ව ආත්මයක පවකට වසර තුනක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉන්න සිදුවුණා. ඹබත් සමග මාස3ක් සිටියා.. ඔබටත් පූර්ව ආත්මයක පවක් පලදී ඇත..
එක නීතියේ සභාපතිට නිදහස දුන්නේ කොහොමද එතකොට ? අධිකරණයට අපහාස කල චෝදනාව ලබපු කෙනෙක් නේද ?ඔන්න වල් කන්ට්‍රි වල් ලොව් එකට හොඳ උදාහරණයක්
ෂුවර් එකටම එක දණහිසයි නේද අමාරු... නැත්නම් තව හිතන්න වෙනවා මේ ගැන.. හිහ් හිහ් හී...
රන්ජන් ගේ දනහිස ආබාදය අද ඊයේ ආපු එකක් නෙවෙයි මෙයා ඇමරිකාවේ න් පවා බෙහෙත් කරලා තියෙනවා ඒත් සම්පූර්ණ සුවවෙලා නෑ.