(අංජුල  නිශාන්ත)

දැරණියගල උඩහේන්කන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි බව කියන ග්‍රාම නිලධාරීවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු සැකපිට  අද (11) අත් අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දැරණියගල, දෙහිඕවිට, දොම්පේ, අලුත්ගම, ආනමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද ඇමතුමක් මත  දැරණියගල පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ග්‍රාම  නිලධාරීගේ පියා ද සිටින බව පොලිසිය කියයි.

මෙම වැටලීමේදි සුඛෝොපභෝගි ජිප් රථයක් මෙන්ම නිදන් හැරීමට භාවිත උපකරණ රැසක් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට අවිසාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබදව දැරණියගල පොලිස් ස්ථානාධිපති මංජුල ජයවර්ධන මහතා ඇතුළු  නිළධාරිහු පරික්ෂණ පවත්වති.