
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් නමැත්තා හමුවූ බව ඔහුගේ බිරිඳ වන ෆාතිමා සාදියා නැමැත්තිය කිසිවිටකත් ප්‍රකාශ කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇයගේ කට උත්තරය සභාගත කරමින් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවූ බවට ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇතැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැවසූ අමාත්‍යවරයා වරප්‍රසාදවලට මුවාවී මැතිසබයේදී කළ එම ප්‍රකාශය පිටතදී කර පෙන්වන්නැයි ඒ මන්ත්‍රීවරයාට තමා අභියෝගයක් කරන බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ප්‍රකාශය යටතේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පාස්කු ප්‍රහාරයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කර තිබූ බවත් ශානි අබේසේකරගේ සීඅයිඩිය එදා ඒ පරීක්ෂණ හරියාකාරව සිදු කළේ නම් මෙවැනි විශාල විනාශයක් සිදු නොවනු ඇති බවත් සරත් වීරසේකර මහතා කීවේය.
හරීන් කියන්නේ නිවැරදිභාවයේ සංකේතය නොව බොරුවේ සංකේතය බවද හෙතෙම සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේදී හරවා යැවූ බව කියන සැකකටයුතු ලොරියක් පිළිබදව හරීන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ බව පැවසූ වීරසේකර මහතා එය සැක කටයුතු ලොරියක් නොව චීනයේ සිට ගෙන එන ලද විසිතුරු මසුන් හොරණට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් බවද පැවසුවේය.
ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක්ද අමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අද පවතින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන බොරු චෝදනා බොරු කතා වැඩි වැඩියෙන් ප්‍රචාරය වන කාලයක් බවද අද සමහරුන් පාර්ලිමේන්තුවේ වීරයන් වීමට උත්සාහ දරන බවද ඔහු ප්‍රකාශ කළේය.
බල්ලන්ට, බූරුවන්ට , හිවලුන්ට මේ රටට ආදරය කිරිමට හැකියාවක් නැතැයි සඳහන් කළ විරසේකර මහතා ජාතික ආරක්ෂාව හෑල්ලු කිරීමට කටයුතු නොකරන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද පැවැසීය.
රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගැන විවිධ අවලාද මතු කරන බවත් ඔහු අවංක දක්ෂ රටට ආදරය කරන නිලධාරියකු බවත් අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සහරාන්ලට බුද්ධි අංශෙන් පඩි ගෙව්වා කියන්නේ අර අබ්දුල් රාසික් ටත් ගෙවලා නේද ?
මහත්තයො ඔහේ කියන ඒවා අපි කොහොමද පිලිගන්නෙ. බුර්කා තහනම් කලා කිව්වා , අනුර කුමාරට පුස් වෙඩි වෙනුවට ජීව උන්ඩ වලින් ගේම දෙනව කිව්වා , මහ මොල කාරය කුදලෙව්ව කිව්වා . ඔක්කොම ටෝක්ස් , ඔහේගෙ ලොක්ක වගේ.
මෙයා එදා පාර්ලිමේන්තුවේ කිව්වා සාරා නැමති පුලස්තිනි ඉන්දියාවට පැනල ගිහින් නැතිලු. එහමනම් ඇයි සාරා ඉන්දියාවට පැනල යන්න උදව් කලයි චෝදනාවට පොලීස් නිලධාරියක් අත්අඩංගුවේ තියං ඉන්නේ? කෙසේවෙතත් මේ ආණ්ඩුවෙනුත් අගතියට පත්වූවන්ට යුක්තිය ඉටු වෙන්න නැහැ කියන එක පැහිදිලියි.
සිනමා නිළියන්ට ඇඳුම් ගෙන යමින් ආදරය කරන්න දන්නේ ඔබ පමණි .බල්ලෝ සහ බූරුවෝ ආදරය කරන හැටි ඔබෙන් ඉගෙන ගත යුතුය
පුස් වෙඩිල්ල ,පලිගැනීම් විතරයි දන්නේ මෙයා
ඔය මහත්තයා උපන් දා ඉඳලා එකම එක ඇත්තක්වත් කියලා නැද්ද?
නිකන් ශානි අබේසේකර වගේ මිනිසුන්ට මඩ ගහන්න එපා. රටම දන්නවා ඒ මනුස්සයගේ අගේ, ඔහේ වගේ වාචාල දොඩවන මිනිහෙක් නෙමෙයි ඒ...
බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ... කිසිම සම්බන්ධකමක් නැතිව රාජ්‍ය බුද්ධි අංශ විසින් ඔත්තු කරුවන්ට මුදල් ගෙවනවද? ඔබ සිතා සිටින්නේ මේ රටේ ජීවත් වන බහුතරයක් මෝඩ බයියන් කියලද?
සරත් වීරසේකර වෙඩි හඬක් ඇසෙන තැනක සිට නැහැ. සිවිල් බලකායේ සිටියේ කියලා සරත් ෆොන්සේකා කිව්වා. ඒ වුණාට උණුවෙන හදක් තිබෙන රත්තරන් මනුස්සයෙක්...
විකාරද ඇමතිතුමෝ? සහරාන්ගේ බිරිඳ එක්ක කතාකරලා තිබෙනවා.. එ්කෙන් තමයි දැනගෙන තිබෙන්නේ බෝම්බ ගහනවා කියලා. ඒ අය බොරු කියනවා නම් අපිත් බොරු කියමු.