
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල දින තුනකට වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි.
විදුහල්පතිවරයා කොරෝනා බවට සැක රෝග ලක්ෂණ මතු විම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණයකදී විදුහල්පතිවරයාට කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම විදුහලේ විදුහල්පතිවරයාට සමීපතම ආශ්‍රිතයන් ලෙස සලකා ගුරු මහත්ම මහත්මින් දොළොස් දෙනකු ස්වයං නිරෝධායනය ලක් කිරීමට කටයුතු කිරීමත් සමග විදුහල වසා දැමීමට සිදු වූ බව ද අධ්‍යාපන කාර්යාලය කියයි .
1 සිට 5 දක්වා පන්ති පැවැත්වෙන කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් තුන්සිය දහදෙනකු ඉගෙනුම ලබන බවද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ ප්‍රතිපල නිකුත් වෙමින් පවතිනවා ,ඔහොම යන්
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර බෙහෙත් ජාවාරමක්