IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිට කොරෝනා

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල දින තුනකට වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි.

විදුහල්පතිවරයා කොරෝනා බවට සැක රෝග ලක්ෂණ මතු විම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණයකදී විදුහල්පතිවරයාට කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම විදුහලේ විදුහල්පතිවරයාට සමීපතම ආශ්‍රිතයන් ලෙස සලකා ගුරු මහත්ම මහත්මින් දොළොස් දෙනකු ස්වයං නිරෝධායනය ලක් කිරීමට කටයුතු කිරීමත් සමග විදුහල වසා දැමීමට සිදු වූ බව ද අධ්‍යාපන කාර්යාලය කියයි .

1 සිට 5 දක්වා පන්ති පැවැත්වෙන කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් තුන්සිය දහදෙනකු ඉගෙනුම ලබන බවද කියයි.

 



අදහස් (2)

කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිට කොරෝනා

Prase Thursday, 11 November 2021 10:15 AM

උද්ඝෝෂණ ප්‍රතිපල නිකුත් වෙමින් පවතිනවා ,ඔහොම යන්

:       4       1

Sriland Thursday, 11 November 2021 02:43 PM

කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර බෙහෙත් ජාවාරමක්

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site