(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ඔන්ලයින් යුගයට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා අධ්‍යාපනය බාරව සිටි සමයේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් පදනමක් දැමූ බව කී වික්‍රමසිංහ මහතා දැන් නැවත වරක් අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනයක් අවශ්‍යව තිබෙන බව සඳහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක් අතරතුර නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.