(ඩයනා උදයංගනී)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොට්ඨාශ ගණනාවක් සඳහා මෙම රතු නිවේදනය නිකුත් කර තිබේ.

පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මාතලේ, නුවරඑළිය, ගම්පහ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ද මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.