(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ධීවර වරායන් තවත් 5ක් ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 9) පැවැසීය.
බේරුවල ප්‍රදේශයේ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙම වරායන් ඉදි කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්‍යම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇතැම් ධීවර වරායන් පසුගිය කාලයේදී සකස් කර ඇත්තේ තාක්ෂණික කරුණු සැලකිල්ලට ගෙන නොව දේශපාලන අරමුණු පදනම් කරගෙන යැයි පැවසූ විජේසේකර මහතා ඔලුවිල් වරාය ධීවර කටයුතු සඳහා ඉදිරියේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික අර්බුදය කියල කියනවා, ඩොලර් නැහැ කියල කියනවා, ඊයේ බැසිල් කිව්වා ආහාර හිගයක් ළඟදී එනවා කියලා . ඉතින් තත්වය තියෙද්දී මේවා විශ්වාස කල හැකිද?
ඉන්දියාවෙන් ඇවිත් බලෙන් මාළු අල්ලන් යනවා. ඉස්සෙල්ලා ඒවා නවත්වලා ඉන්නවා
ඔව් ඔව් හදන්න හදන්න. අර මෝදර පැත්තෙත් හදලා තියෙන්නේ මාලුවෙක් වත් එන්නේ නැති ධීවර වරායක්. තව නුවර ,අනුරාධපුරයේ එහෙමත් වරායවල් හදන්න පුළුවන්නේ .
ඒක හොඳ අදහසක්... මොකද ඉන්දීය ධීවරයින් අපේ මාලු සම්පත බලහත්කාරයෙන් රැගෙන යන්න ඉඩ දුන්නාම වෙන්නේ අපේ ධීවරයින්ට තම ධීවර යාත්‍රා වරායේ නවතා දේශපාලනය කරන්න තමයි. හොඳ ආදායම් මාර්ගයක්... කිසිම උගත්කමක් අනවශ්‍යයි...